ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලය රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

Date:

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල් මිලියන 3.25 ක පරිත්‍යාග කරයි

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට සහාය වීම පිණිස, රුපියල් 3,250,000.00 ක මූල්‍ය දායකත්වයක් ලබාදුන් අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඊයේ (දෙසැ. 03) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී එම මුල්‍ය පරිත්‍යාගය විධිමත් අයුරින් භාර ගන්නා ලදි.

තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලේ සභාපති නොයෙල් ජෝසප් මහතා විසින් මෙම පරිත්‍යාගය පිරිනමන ලදි. තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලින් රු. 2,250,000.00 ක් සහ ඕස්ට්‍රේලියාවේ සිටින තර්ස්ටන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මුල්‍ය දායකත්වයෙන් රු. 1,000,000.00 ක්ද ඇතුළුව ලබාදුන් මෙම මුල්‍ය දායකත්වය ඔස්සේ ජාතික සුබසාධනය හා ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් වෙනුවෙන් තර්ස්ටන් විද්‍යාලීය ප්‍රජාවේ ඇති ශක්තිමත් සාමූහික කැපවීම විදහා දක්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...