රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW :
අද (04)දින කින්නියා පොලිස් වසමේ, මජීඩ් නගර් ග්‍රාම නිලධාරී වසමට අයත් කණ්ඩල්කාඩු ප්‍රදේශය හරහා ගලා බසින සාවාරු ගංගාවේ කණ්ඩියේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ තොගයක් හමුවී ඇති බව කින්නියා පොලිසිය පවසයි.
කින්නියා පොලිස් නිලධාරින් සඳහන් කළේ, ඒ අනුව Mills 36 වර්ගයේ අත්බෝම්බ 109ක්ද උණ්ඩ 1678 සොයා ගත් බවයි.
යුද සමයේදී වලදමා තිබී ඇති බව විශ්වාස කළ හැකි අතර අධික ජල පහර හේතුවෙන් කණ්ඩිය ඛාදනය වීම නිසා මතුවී තිබෙන බව වර්තා වේ
කින්නියා පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත්තේ, අත්බෝම්බවල අනාරක්ෂිත්බාවය නිසා වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාම සුදුසු නොවන බව නිරීක්ෂණය වන බැවින් ඒවා මෙම ස්ථානයේ තබා විනාශකර තැබීම සුදුසු බවයි.
