කොවිඩ් ගැන නවතම අනාවරණය …

Date:

කොවිඩ් වෛරසයට දින ගණනාවක් සිල්ලර බඩු මත රැඳී සිටිය හැකි බව, එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකින් සොයාගෙන ඇත.

මෙම පරීක්ෂණය විශේෂඥයින් සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය සඳහායි. ඒ සඳහා පිසීමකින් තොරව හෝ පිරිසිදු කිරීමකින් තොරව ආහාරයට ගත හැකි අහාර ඔවුන්ගේ පරිෂණයට භාජනය වී ඇත. පළතුරු, පේස්ට්‍රි, බේකරි නිෂ්පාදන සහ බෝතල් කළ බීම ඇතුළු ඇසුරුම් සහ ආහාර නිෂ්පාදනවලට කොවිඩ් වෛරසය ආලේප කර එම වෛරසයේ ජීව කාලය පරීක්ෂාකොට තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ පැය 24 කාලය තුලදී කොවිඩ් වෛරස් මට්ටම්වල “සැලකිය යුතු පහත වැටීමක්” සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී කොවිඩ් වෛරසය සතියක කාලයක් එම ආහාර නිෂ්පාදනවල පැවති ඇති බවටද පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

කොවිඩ් වෛරසය රසායනාගාරයක් තුලදී කෘතිමව එම ඇසුරුම් සහ නිෂ්පාදනවලට අලේප කර ඇති බැවින් සිල්ලර වෙළෙඳාමේදී ඇති පරිසරය සැලකිල්ලට ගනිමින් මෙම වෛරසයේ ජීවය ඉතා අඩුවිය හැකි බව විශේෂඥයින් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අත් සේදීම සහ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමන කිරීම හැරුණුවිට ආහාර පිළියෙළ කිරීමේදී හෝ ආහාරයට ගැනීමට අමතර පූර්වාරක්ෂාව අවශ්‍ය නොවන බවයි.

රෂිකා හෙන්නායක
2022.12.04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...