ජනාධිපති ලේකම්ගේ සභාපතීත්වයෙන් යුතු ජාතික ප්‍රතිපත්ති කොමිසමක් පත් කිරීමට නාමල් ගේ කමිටුවෙන් තීරණයක්!

Date:

නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමට පසුගියදා (01) පා.ම. නාමල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පැවැත් වූ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.

එසේම මෙහි අනෙකුත් සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායදුන්න යන මහත්වරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයන් පත් කිරීමට තීරණය විය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සදහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බවත් එහි මූලික සැලසුම් ජනවාරි මස මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අනුකමිටු සභාපති නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් නිලධාරීන් පෙන්වා දුන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙන්ම නියාමනයට හා අධීක්ෂණයට අවශ්‍ය පූර්ණ නෛතික බලය මෙම කොමිෂන් සභාවට ලබා දිය යුතු බවයි. මෙවැනි ස්වාධීන ආයතනයක් ඔස්සේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සාර්ථකවූ ලොව අන් රටවල ආකෘතීන්ද අධ්‍යයනයට ලක් කරමින් මෙම සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා විය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ ඒ .එල්. එම් අතාවුල්ලා යන අය ද මෙම අවස්ථාවට එක්වූහ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...