අවුකන ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම බුදු සමයට වගේම ප්‍රතිමා කලාවටත් කළ බරපතල නිගරුවක්

Date:

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීමේ සිදුවීම ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට සේම මූර්ති කලාව ඇතුළු සමස්ත කලා විෂයන් සඳහාම සිදු කළ බරපතල නිගරුවක් බව ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු සේම ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය හෙබ වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා කියයි.

දැනට අප අතරේ හිඳින ජ්‍යෙෂ්ඨතම සහ කෘතහස්තම ප්‍රතිමා කලා විශේෂඥ වරයා ද වන ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙවැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීම වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන්නක් බව ය.

”අවුකන බුද්ධ ප්‍රතිමාව ආගමික කලාත්මක වගේම මානව විද්‍යාත්මක වශයෙනුත් අපේ අතීත සමාජමය තොරතුරු රාශියක් හමුවේ ලෝකය හමුවේ කියාපාන කැඩපතක්.ඒ හින්දා ඒක බෞද්ධ සංස්කෘතිය වගේම අපේ රටේ අතීත සමාජමය තොරතුරු ලෝකයා හමුවේ හෙළිකරන සන්නිවේදන කවුළුවක්.

ඉතින් අන්ධ භක්තිය හරි ජාවාරම්කාර චින්තනය මුල් කරගෙන හරි මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් උඩට ඉනිමං තියලා නැඟලා ඒ නිර්මාණයේ ප්‍රකෘති ලක්ෂණ වසා දැමීම නීතිමය වශයෙනුත් බරපතල වරදක්.ඒ හින්දා මේ වන විට සුවිසල් අවධානයකට යොමු වෙලා තියන මේ ක්‍රියාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීතිමය දඬුවම් දිය යුතුයි.නැතිනම් මේ වගේ උත්තුංග නිර්මාණ වල අගය පහළ බසින අතරේ මෙවැනි හරසුන් නිසරු ක්‍රියා අනාගතයේ තවදුරටත් ප්‍රවර්ධනය වෙන්න පුළුවන්”ආචාර්ය ලක්දුසිංහ මහතා වැඩිදුරටත් කියයි.

මූලාශ්‍රය: විනිවිද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...