මුස්ලිම්වරු 2024 දී බයිඩන්ව අතහරින බවට පොරොන්දු වේ

Date:

ඊශ්‍රායල් හමාස් යුද්ධයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ස්ථිර වශයෙන් ඊශ්‍රායල පාර්ශවයට සහයෝගය දැක්වීම හේතුවෙන් එකසත් ජනපදයේ මුස්ලිම්වරු 2024 මැතිවරණයේදී ජෝ බයිඩන් අතහරින බවට ප්‍රතිඥා දී තිබේ.

මිනසෝටාහි මුස්ලිම් ඇමරිකානුවන් ඔක්තෝබර් 31 වන ගාසා තිරයේ සටන් විරාමයක් ඉල්ලන ලෙස බිඩෙන් ඉල්ලීමක් කළ අතර පසුව එය මිචිගන්, ඇරිසෝනා, විස්කොන්සින්, පෙන්සිල්වේනියා සහ ෆ්ලොරිඩා දක්වා ව්‍යාප්ත වූ අතර අනතුරුව ඔවුන් එක්ව #AbandonBiden ලෙස බයිඩන් විරෝධී නව ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන් මිනසෝටා හි ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලයේ (CAIR) අධ්‍යක්ෂ ජයලානි හුසේන් සඳහන් කර තිබුණේ, සිය විකල්පය ඩොනල්ඩ් ට්‍රම්ප් නොවන බවත්, ස්වාධින අපේක්ෂකයෙකුට පවා ජනාධිපති විය හැකි බවත්, බයිඩන් ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාමයක් සඳහා නොකැඳවීම සහ පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ අහිංසකයින් ආරක්ෂා කිරීමට අකමැති වීම හේතුවෙන් ඔහුට එළඹෙන මැතිවරණයේදී ඇමරිකානු මුස්ලිම්වරුන්ගේ සහය නොදක්වන බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...