සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් 2024 නව පාසල් වාරය ආරම්භට පෙර, ලබාදී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද (04) පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
තවද, ලබන 22 වැනිදා පාසල් නිවාඩුව ලබාදුන් පසු නැවත පෙබරවාරි මස 02වන දින සියලු පාසල් ආරම්භ කිරීමට නියමිතයි . ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත් එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා ප්‍රදේශවල පිහිටි පාසල් සහ තෝරාගත් පිරිවෙන්වල භික්ෂුන් වහන්සේලා, සිල් මාතාවන් සහ සිසු දරු දැරියන් 747,093ක් වෙනුවෙන් මෙවර පාවහන් තිළිණපත් ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2,200ක් වන අතර පාසල් පාවහන් තිළිණ පතක වටිනාකම රුපියල් 3000 ක් බව සඳහන් වේ.
තිළිණපත් සඳහා පාවහන් අලෙවිකිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලත් වෙළඳසැල් වෙතින් සිසුන්ට පාවහන් ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙන බවත් මේ සම්බන්ධව දෙමව්පියන් සහ සිසුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අදාළ උපදෙස් පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බවද සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??