සටහන – රුවන් නෙළුගොල්ල
ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කියූ දේවල් කරන්නට කාලය එළැඹ ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන දේවල් ජනතාවාදී ජනතාවට හිතකර දේවල් නම් ඒ සඳහා විපක්ෂයේ සහයෝගය හිමිවන බවත් රටට සුබවාදී, රටටත් ජනතාවටත් වැදගත් වැඩසටහන්වලට පුර්ණ සහයෝගය දෙනවා සේම රටට අහිතකර වැඩසටහන්වලට විරුද්ධ වී එහි අඩුපාඩු පෙන්වා වී විකල්ප වැඩසටහන් ඉදිරිපත් කිරිම තම ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතුයි.
වත්මන් රජය මැතිවරණ වේදිකාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා යැයි කිව්වත් එම පනත උපයෝගී කර ගෙන භාෂණයේ නිදහස මාධ්‍ය නිදහස හා පුරවැසි නිදහස අහිමි කර ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත උපයෝගී කර ගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණ නොවන බවත් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සහායක් රජයට ලැබුණත් මේ මොහොත වන විට ඉවත් කරනවා කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් ව දඩයම් කරන බවත් කියන දේ කරන ආණ්ඩුවක් නම් මේ මර්දනය නතර කළ යුතු බවත් ආණ්ඩුව ඉවත් කරනවා යැයි කියූ ත්‍රස්ත විරෝධී පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තත් එම අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත විරෝධි පනත යටතේ සිදු කළ නොහැකි බවට ගරු විනිසුරුවන් පවා කියා ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහන සලසන්න
මෙරට ආර්ථික වර්ධනයට 50%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවත් දෙසැම්බර් 15 වන විට තාවකාලිකව අත්හිටවූ පරාටේ නීතිය නැවත බලාත්මක වන බවත් එය තවත් කාලයකට දීර්ඝ කරනවා සේම මේ කර්මාන්තකරුවන් ගොඩනැංවීමට ප්‍රාග්ධන ශක්තියක් ලබා දිය යුතු බවත් දරාගත හැකි පිරිවැයකට කාරක ප්‍රාග්ධනය ලබා දිය යුතු බවත් ණය යම් පමණකින් හෝ කපාහැරිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
ආපදාවෙන් විපතට පත් අයට කඩිනම් සහන දෙන්න
රටේ පසුගිය දා ඇති වූ අයහපත් කාලගුණය නිසා සිදු වූ ව්‍යසනය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් අසහනයට පීඩනයට විපතට පත්ව ඇති නිසා ඒ අයට සහන දීමට කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ආපදා කළමනාකරණ අනපනත්වපලට අනුව ආපදා කළමනාකරණ මණ්ඩලය කැඳවිය යුතු බවත් විපතට පත්වූ අයට සහන දෙනවා සේම නව කාලගුණ තොරතුරු ලබා ගැනීමට නවීන තාක්ෂණ පද්ධති ලබා ගත යුතු බවත් ලෝක බැංකුව හා ජපානය එවැනි උපකරණ ලබා දෙන්න සූදානම් නිසා ඒවා ගත යුතු බවත් තවද වගා හානිය නිසා රටේ ආහාර පද්ධතියට වන බලපෑමට විසදුම් ලබා දිය යුතු බවත් වගා හානිය සොයා බලා නිශ්චිත සහන දිය යුතු බවත් සංඛ්‍යාලේඛන වෙනස් නොකර නිවැරදිව ඒවා ලබා දිය යුතු බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.
එදා වගේම අදත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් අපි කැපවෙනවා
ඖෂධ ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක් පවතින බවත් මේ වන විට ඉන්සියුලින්, සෝඩියම් බයි කාබනේට් ආදී පිළිකා සඳහා ලබා දෙන ඖෂධවල හිඟයක් ඇති බවත් ඒවාට කඩිනම් විසඳුම් සැපයිය යුතු බවත් ඒ සඳහා සහයෝගය ලබා දෙන බවත් සෞඛ්‍ය හා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට එදා වාගේම හෙට දවසේත් විපක්ෂය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
කියපු ආකාරයට පොහොර සහනාධාරය ලබා දෙන්න
තවමත් පොහොර සහනාදාරය ලෙස රු 25000ක සහනාධාරය ලැබී ඇත්තේ 217,985කට පමණක් බවත් තවමත් රු. 15000 වට දෙකකින් 228,000සහ 165,000කට ලැබෙන බවත් කියපු ආකාරයට රු 25,000 සහනාධාරය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා එය හරියට ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සහල් හිඟයට තිරසර වැඩපිළිවෙළක් අවශ්‍යයි
එමෙන්ම සහල් හිගයට විධිමත් විසඳුමක් අවශ්‍ය බවත් සහල් පිටරටින් නොගෙනෙන බව කියූ රජය අද සහල් ආනයනය කරන බවත් භාණ්ඩවල මිල පවා වේගයෙන් ඉහළ යන බවත් පුරවැසියන්ගේ ආහාර හා ආහාර නොවන වියදම් අවබෝධ කර ගෙන සහල් හිඟයට විසදුම් දෙන තිරසර වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බවත් ස්ථිරසාර පැවතෙන වැඩපිළිවෙළකට යොමුවන ලෙසත් තෙල් මිල සූත්‍රය පිළිගන්නේ නෑ, ජනවරම ලැබුනම තෙල් මිල සූත්‍රය පසෙකලා තෙල් මිල අඩු කරනවා යැයි කිව්වත් තවමත් ඒ කිසිවක් නොවී ඇති බවත් රජය කියපු දේ කරනවා නම් මෙය ද කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මර්දනය අනුමත කරන්නේ නැහැ
පසුගියදා සංවර්ධන නිලධාරින් තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළ බවත් වසර 5ක් කොරෝනා කාලයේ ගුරු හිගය පියවන්න විශාල කාර්යක් ඉටු කළත් ඉසුරුපාය අසල පැවැති උද්ඝෝෂණයේ දී 5 දෙනකු අත්අඩංගුවට පත්ව ඇති බවත් මේ අය ඉල්ලීම් ඉල්ලා සිටින විට සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරනවා විනා මර්දනය කිරීම අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන්න
අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර බදු අය කිරීම ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා වැඩි කර වැට් අඩු කරනවා කිව්වත් ඒ කිසිවක් නොවී ඇති බවත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ක්‍රමයටම ඉදිරියට යන්න කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් එම නිසා මැතිවරණ වේදිකාවේ කියූ ආකාරයට මෙම ගිවිසුම ජනතාවාදීව වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී සභාව අමතමිනි.
