*
Friday, April 18, 2025
spot_img

Latest Posts

උඹට පුළුවන්නම් මට කොච්චරක් පුළුවන්ද මෙතන ….

මීයෙක් මෙහෙම කියන්නෙ ගංවතුරට. ඇත්තටම ගංවතුරෙන් මරුණෙ හය දෙනෙක් විතර. ඊට වඩා වඩා හානියක් කරන්න මීයෙක්ට පුළුවන්ද ? පුළුවන්. මී උණ ගැන අහලා තියෙනවා නේද ?

මී උණ එහෙම නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් කියන්නෙ බැක්ටීරියාවක් නිසා ඇති වන රෝගයක්. බැක්ටීරියාව ආසාදනය වුණ සතුන්ගේ මූත්‍රා මඟින් තමා රෝගය පැතිරෙන්නේ. ඒ බැක්ටීරියාව මිනිසාට ගොඩක් වෙලාවට එන්නෙ ජලයෙන් හෝ පසෙන්. බැක්ටීරියාවට දූෂිත ජලයේ හෝ පසෙහි සති ගණනක්, මාස ගණනක් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. විවිධ වර්ගවල සතුන් බැක්ටීරියාව ගෙන ගියත් ලංකාවෙ බහුලවම පැතිරෙන්නෙ මීයන්ගෙන්. ඒකයි රෝගයට මී උණ කියලා කියන්නෙත්. මිනිසුන්ගෙන් මිනිස්සුන්ට පැතිරිරෙන්නෙ ඉතාමත් කලාතුරකින්.

මී උණවල රෝග ලක්ෂණ වෙන්නේ උණ, හිසරදය, ශරීරයේ හෝ මස්පිඩුවල වේදනාව, වමනය, සම සහ ඇස් කහ පැහැවීම, බඩ කැක්කුම, පාචනය වගේ දේවල්. මේ රෝග ලක්ෂණ මී උණටම සීමා වෙන්නේ නෑ. ඒ වගේම සමහර අයට රෝග ලක්ෂණ නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා මීඋණ රෝගය හඳුනා ගැනීම අපහසුයි. රෝගය දරුණු අතට හැරෙද්දි හුස්ම ගැනීමේ අපහසුව, හෘදය දුර්වල වීම, වකුගඩු හෝ අක්මාව අකර්මණ්‍ය වීම හෝ මොළයේ ආසාදන වගේ දේවල්වලට ගොදුරු වෙන්න පුලුවන් වගේම මරණයට පවා හේතු වෙන්න පුලුවන්.

ලෙප්ටොස්පයිරෝසිස් බැක්ටීරියාව මිනිසුන්ට ආසාදනය වෙන්නේ ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ අනික් ශරීර තරල අඩංගු ජලය හෝ පස සමඟ සම්බන්ධ වීම නිසා ඔබ ජලය, පස හෝ සතුන් සමඟ සම්බන්ධ වන ක්‍රියාකාරකම්වල යෙදෙනවනම්, ආසාදනය වීමේ අවදානම වැඩියි. ලංකාවෙ වැඩිපුරම මේ නිරාවරණය සිදු වෙන්නෙ කුඹුරු වැඩ නිසා. ඒත් පිහිනීම, ඔරු පැදීම, ගෙවතු වගාව, මිදුලේ වැඩ, එළිමහන් පිරිසිදු කිරීම, උද්‍යාන නඩත්තු කිරීම, පශු වෛද්‍ය සායනයක වැඩ කිරීම සහ කිරි ගොවිතැන වගේ දේවල් කරද්දිත් විශාල අවදානමක් තියෙනවා.

ඒ නිසා අධික වර්ෂාව හෝ ගංවතුරෙන් පසු සෑම කෙනෙකුටම ලෙප්ටොස්පයිරෝසිස් අවදානම වැඩි වෙනවා. පසෙහි තියෙන සත්ත්ව මුත්‍රා ගංවතුර හෝ වැසි ජලයට ඇතුළු වෙලා ඇළ දොළ වැව් වගේ ජල මූලාශ්‍ර අපවිත්‍ර කරනවා. මිනිසුන් මේ දූෂිත ජලයට නිරාවරණය වුණොත් රෝගයට ගොදුරු වෙන්න පුළුවන්.

මතක තබා ගන්න,

ගංවතුර හෝ අධික වර්ෂාපතනයෙන් පසු සත්ව මුත්‍රාවලින් අපවිත්‍ර විය හැකි ජලයේ පිහිනන්න යන්න එපා. එවැනි ස්ථානයක ස්නානය කිරීමෙන් පවා වළකින්න.
ගංවතුරෙන් පසු, ජලය උණු කර නිවා පානය කරන්න.
කැපුම් හෝ සීරීම් ජලයට නිරාවරණය කරන්න එපා.
ගංවතුර බැස ගිය පසුත් ඒ ප්‍රදේශවල ඇවිදිද්දි සපත්තු සෙරප්පු පළඳින්න.

ඔබේ රැකියාවේ නිසා මඩට හෝ ජලයට නිරාවරණය විය හැකි නම් නිතර අත් සෝදන්න. අත්වැසුම්, පාවහන්, අක්ෂි ආරක්ෂණ වැනි පෞද්ගලික ආරක්ෂක උපකරණ භාවිතා කරන්න. මතුපිට සහ උපකරණ පිරිසිදු කර විෂබීජහරණය කරන්න. ඔබේ සේවා ස්ථානය අවට මීයන් ගහණය පාලනය කරන්න.

ඔබට මී උණ ඇති විය හැකි අවදානමක් ඇතැයි ඔබ සිතනවානම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හමුවන්න. එවිට ඔබට රෝගයට පෙර නිවාරණය සඳහා බෙහෙත් ලබා දේවි. ඒ බෙහෙත් බොන්න තියෙන්නෙ සතියකට එක සැරයක් විතරයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලවලින් කුඹුරු වැඩ කාලෙට මේ බෙහෙත් නිතරම බෙදා හරිනවා.

ඒ වගේම ඔබට රෝග ලක්ෂණ තියෙනවනම් වහාම ළඟම තියෙන රජයේ රෝහල වෙත යන්න. එවිට ඔවුන් පරීක්ෂණ පවත්වා රෝගයට නිසි ප්‍රතිකාර කිරීම ආරම්භ කරාවි. වැදගත්ම දේ තමයි ඔබ දූෂිත ජලයට නිරාවරණය වෙලා මාසයක් විතර යනකන් අවදානම තියෙනවා මී උණ හැදෙන්න.

ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නේවාසික රෝගීන් විදිහට. ඩොක්සිසයික්ලයින් හෝ පෙනිසිලින් වැනි ප්‍රතිජීවක තමා ප්‍රතිකාරවලට භාවිත කරන්නෙ. ඒ වගේම නිවාරණ පිළියම් යෙදීම් හඳුනා ගන්න මේවා වසංගත රෝග අංශයට දැනුම් දෙනවා. ඒ කියන්නෙ එක පාරටම විශාල රෝගීන් ප්‍රමාණයක් හඳුනා ගත්තොත් ඒ ප්‍රදේශය ගැන විශේෂ අවදානයක් ලබා දෙනවා. වඩාත් දරුණු ලෙප්ටොස්පයිරෝසිස් රෝග ලක්ෂණ ඇති රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයේදී රුධිර කාන්දුකරණය, චිකිත්සක ප්ලාස්මා හුවමාරුව වගේ විශේෂ ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වෙනවා.

මම චිකිත්සක ප්ලාස්මා හුවමාරුවේ වගකීම පැවරුණ වෛද්‍යවරයෙක්.

~ වෛද්‍ය සමන්ත සෙනවිරත්න

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan