රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ගාසා තීරයේ අල්-මාවාසි නගරයට ඊශ්‍රායලය විසින්, බෝම්බ හෙලීමෙන් කාන්තාවන්, ළමයින් ඇතුළු 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
තවත් විශාල පිරිසකට තුවාල සිදුව ඇති බව වාර්තා වන අතර, මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමයින් බොහෝ පිරිසකට පිළිස්සුම් තුවාල සිදුව තිබෙන බව වාර්තා වේ.
හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුම නොතකා ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර දිගටම එල්ල කරමින් සිටී.