කාළගුණය නැවත කැළඹෙන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ (LNW):

නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වී ඇති බැවින්, එහි බලපෑම ගැන ඉදිරියේදී දැනුම් දෙන කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

“අපේ විශ්ලේෂණවල පෙන්වනවා නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වෙලා තියෙනවා. කැළඹෙන ස්වභාවයක් තිබ්බ පලියට අපිට එකපාරට කියන්න බෑ මේක සුළි කුණාටුවක්ද පීඩන අවපාතයක් ද කියන එක. දැනට මේකේ වර්ධනයක් අපට පෙන්නුම් කරනවා. මෙය බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් උතුරු දිසාවට ගමන් කරන ස්වභාවක් පෙන්නුම් කරනවා. හැබැයි වයඹට බරව. මේ පද්ධතියේ දැනට අපිට පේනවා මීට කලින් ගිය පද්ධතිය හා ගත්තාම නැගෙනහිර වෙරළබඩ තීරයට ඈතින් තමා ගමන් කරන්නේ. මේකේ වක්‍ර බලපෑමක් බොහෝවිට ඇතිවීමට හැකියාවක් තියෙන්නේ 9, 10, 11, 12 වැනි දිනයන් වල එම වක්‍ර බලපෑම හේතුකොට ගෙන උතුර, නැගෙනහිර, උතුරුමැද, සහ ඌව වැනි පළාත්වල සාමාන්‍ය වැසි තත්ත්වයේ වැඩිවීමක් 09 වනදා රාත්‍රී කාලයෙන් පස්සේ ඇතිවීමේ ලකුණු දැනට පහල වෙලා තියෙනවා. මෙය ඉදිරියේදී අඩු පීඩ කලාපයක් දක්වා වර්ධනය වෙනවාද නැද්ද කියලා කියන එකේ තහවුරු කිරීම අපි ඉදිරි අනාවැකි කරණයේදී  පැහැදිලිව ජනතාවට දැන ගැනීමට සලස්වනවා.”  ලෙස ඒ මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...