නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :

ඊයේ දිනයේ (04) ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන ලෙස නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ කොළඹ, ගම්පහ, පුත්තලම, අනුරාධපුරය, මන්නාරම, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහන සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක වි ඇත.

එහිදී, ජල ගැලීම් හේතුවෙන් භාවිතා කිරීමට නොහැකි මට්ටමේ ඇති පානීය ජල ළිං පිරිසිදු කිරීම් යටතේ හලාවත මොරතොට ප්‍රදේශයේ පානීය ජල ලිං 04ක්, ගම්පහ ඔරුතොට ජල ලිං 10ක්, මන්නාරම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පානීය ජල ලිං 01ක්, අනුරාධපුර ජයන්තිපුර පානීය ජල ලින් 04ක්, හොරොව්පතාන ප්‍රදේශයේ පානීය ජල ලින් 08ක්, සන්ගිලිකනදරාව ප්‍රදේශයේ පානීය ජල ලින් 08ක්, කාගම හයේ ඇල ප්‍රදේශයේ පානීය ජල ලින් 04ක්, මහවිලච්චිය එකේ ඇල ප්‍රදේශයේ පානීය ජල ලින් 01ක් වශයෙන් පානීය ජල ලින් 40 ක් පිරිසිදු කිරීම නාවික හමුදාව විසින් සිදුකෙරුණි.

එමෙන්ම, කොලොන්නාව, ඔරුගොඩවත්ත, පූගොඩ, කඩුවෙල, බියගම, දොම්පේ, හලාවත, වෙන්නප්පුව, නාත්තන්ඩිය, මීගමුව යන ප්‍රදේශ වෙත යෙදවූ කණ්ඩායම් මඟින්, කඩුවෙල මහා මෙව්නා අසපුව, නවගමුව ප්‍රධාන මාර්ගය, බියගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය, දොම්පේ අමිතානන්ද දහම් පාසල, වෙන්නප්පුව තෝප්පුව නාථ විහාරය සහ වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිරිසිදු කිරීමට නාවික හමුදාව දායක වි ඇත..

සාලියපුර උතුරුගම, හොරොව්පොතාන, මැදවච්චිය ලිඳ වැව, ඉපලෝගම කාගම, වන්කාලේ, මන්නාරම නගරය යන ප්‍රදේශ වෙත යෙදවූ නාවික හමුදා කණ්ඩායම් මඟින්, අනුරාධපුර වලිසිංහ විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, මන්නාරම ශාන්ත ලෝරන්ස් විදුහල, මන්නාරම ශාන්ත ලුසියා විද්‍යාලය, මන්නාරම ශාන්ත අන්තෝනි වියාලය, තලේමන්නාරම විදුහල, පුදකුඩුඉරිප්පු ග්‍රාම නිලධාරි කාර්යාලය පිරිසිදුකිරීමට සහ මන්නාරම තෙවානම්පිඩ්ඩි මාර්ගය පිළිසකර කිරීමට දායක වි ඇත.

තවද, නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමක් මඟින් ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ මුතූර් උතුරුගිරි විහාරස්ථානයේ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු කල අතර, මුලතිව් නයාරු කලපුව ඔස්සේ ඇති පාලම කැඩී ඇති බැවින්, එම කලපුව හරහා ජනතාව වෙත ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීමද ඊයේ (04) දිනයේ නාවික හමුදාව මඟින් සිදුකෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...