විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක් විසින් බිල්ලන් මැවීමට උත්සහ දරන නමුත් ජනතාව ඒ ගැන බුද්ධිමත්ව සිතා ක්‍රියා කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ නොවන්නේ නම් මීටත් වඩා ආපදාවකට රට ලක්විය හැකි බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

මෙවැනි ආපදා මොහොතක රජයේ නිලධාරීන් බිය නොවී නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවද ඔහු කියාසිටියි.

”හොරු අල්ලන හින්ද රජයේ නිලධාරීන් තීරණ ගන්න බය නම් එහෙම නම් ඒ රජයේ නිලධාරීන්ට විරුද්ධව වෙනම පියවරක් ගන්න වෙනවා. එහෙම බය වෙන්න හේතුවක් නෑනේ අවංකව වැඩකරනවා නම්. අපිත් රජයේ සේවයේ හිටියා. අපි තීන්දු තීරණ ගන්න බය වුණෙත් නෑ අපිව හිරේ දායිද කියල ප්‍රශ්න තිබුණේ නෑ. අපි වැඩ කළා. බය තියෙන්නේ යටි කුට්ටු වැඩ කර කර ජාවරම් කර කර හිටපු අයට තමයි. විපක්ෂයේ ඉන්න පිස්සෝ හදනවා ඒවා පිටින් දාලා රජයට මඩ ගහල රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ බය වෙලා කියල බිල්ලෝ මවන්න හදනවා. මේ රටේ ජනතාව ඒවාට රැවටෙන්නේ නැතුව ඉදිරියටත් තීන්දු තීරණ ගනී කියල හිතනවා. මේක දුප්පත් රටක්. මොන ආණ්ඩුව ආවත් විශ්ව කර්ම වැඩ කරන්න බැහැ. රටේ තියෙන සම්පත්වලින් තමයි වැඩ කරන්න ඕනේ. මේ රට හදාගන්න ජනතාව බුද්ධිමත්ව පෙළගැහිලා බුද්ධිමත්ව ක්‍රියා කළේ නැත්නම් හැමදාම ආපදාව තමයි. මෙහෙම නෙවෙයි මීට වඩා අන්ත වෙන්න පුළුවන්.” යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...