*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

කොතලාවල සහ රත්නායකය පෙරමුණ ගනියි. ඊයේ දවසට නව වාර්තා හතරක්

මෙවරත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට අදාළව මලල ක්‍රීඩා තරග පැවත්වෙන්නෙ සුගතදාස ක්‍රීඩාංගණය තුළයි.දින පහක් තිස්සේ පැවත්වෙන මෙම තරගාවලියට ලංකාවෙ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩකයො සහභාගි වෙනවා.ලංකාවම නියෝජනය කරමින් පැමිණි වොලිබෝල් කණ්ඩායම් අතරින් තේරුණු කණ්ඩායම් 20 ක් මේ ක්‍රීඩාංගණය සිට අතේ දුරින් පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඩීඑස්අයි වොලිබෝල් තරගාවලියට ඊයෙ සහ පෙරේදා (දෙසැම්බර් 3 සහ 4) මුහුණ දුන්නා.එය ලංකාවේ වොලිබෝල් ආදරණීයන්ට නිවසේ සිට විඳින්නට හැකි වුණා.
නමුත් ලංකාවේ වැඩිම පිරිසක් සහභාගි වන ක්‍රීඩා ඉසව්ව වන සමස්ත ලංකා මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් දින පහක් සජීවී ලබා දීම දුෂ්කරනම් දිනකට පැයක වැඩ සටහනක් කරන්න අධ්‍යාපන බලධාරීන්ට හැකි නොවීම තදින් දැනෙන අඩු පාඩුවක්.ක්‍රීඩා උළෙල පාසල ළමයින්ගේ දක්ෂතා එළි දක්වන්නට තිබෙන උළෙලක් නොවී එයින් මලල ක්‍රීඩාව ප්‍රවර්ධනයට ද සහයක් ලබා ගත යුතුයි.ළමයාට අධ්‍යාපනය තරමටම ක්‍රීඩාව වැදගත් කියා ඩීඑස්අයි පිටියේ අධ්‍යාපන ඇමති වූ පිනෙන් හිටගෙන කියන සුසිල් ප්‍රේමජයන්ත දඩයම තුනපහත් පිට බැඳන් ඇවිත් කන්න කියන තෙක් බලා සිටින කුසීත අමාත්‍යවරයෙකි.ඔහු එසේ පවසන විට තමන් යටතේ තියෙන අමාත්‍යංශය මෙහෙයවන දැවන්තම මිනිස් සහභාගීත්වය ඇති ඉසව්ව සුගතදාස පිටියේ ක්‍රියාත්මක වෙමින් තිබිණ.
කවුරුන් අල්ලන පහනක ආලෝකය තමන්ගේ කියන්න කැමති ලංකාවේ දේශපාලනඥයන් අතිශයින් සම්ප්‍රායිකය.බොහෝ දෙනෙක් පිරිමි හිත්වලින් ගැහැණුන් පාලනය කළ යුතු බව සිතන්නෝය.ඒ මොඩලයේ ඉහළින්ම සිටින ප්‍රේමජයන්තලා පෙර හැඩේට තල්ලු කරන් යනවා විනා අධ්‍යාපනය ඉදිරියේ යාවත්කාලින වන අලුත් අභියෝගවලට අලුත් උත්තර සොයන්නෝ නොවෙති.කළ හැකියැයි සිතෙන එකම දේ පස් දින ආවරණය නොවී තමන් සහභාගි වන දිනයේදී තමන් දොඩන පල් හෑල්ල අයත්වන පරිදි සජීවි විකාශයක් ලබා ගැනීමය.
කෙසේ හෝ ලැබිය යුතු අවධානය නොලැබ පුරුදු පරිදි ඇඳෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවත් වූ ඉසව්වල ලකුණු සළකද්දී බාලක අංශයෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය ඉදිරියෙන් සිටින්නේය.බාලිකා අංශයෙන් ඉදිරියෙන් සිටින්නේ සුපුරුදු පරිදි වලල ඒ රත්නායකය.වෙනදාට මේ උළෙලේ බාලිකා අභියෝගය නිර්මාණය කරන රත්නපුර සුමන බාලිකාව බී.ආර්.පාලිතයන්ගේ සෙවණෑල්ලෙන් දුරස්වීම හේතුවෙන්ද,කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාව ඒ.ඒ.නන්දනීගේ සෙවණ නොලැබීමෙන්ද දක්ෂතාවලින් සැළකිය යුතු තරමට ඈත්ව සිටිනු දැකිය හැකිය.මීට කලෙකට පෙර අභියෝගයක්ව පැවති මාදම්ප සේනානායකය ද පරාක්‍රම බණ්ඩාරගේ ඇසුරෙන් දුරස් වූ දා සිට නැවත ඉහළට නාවේය.සේනානායකයේ ඒ ඉරණම අල්ලපු පිටියේ ද ඒ අයුරෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබුණේ එහි වොලිබෝලය චාල්ස් තිලකරත්නගෙන් උඳුරා ගැනීමේ විපාකයක් හැටියට ය.
විදුහල්පතිවරයා,එසේත් නැතිනම් ක්‍රීඩා පුහුණුකරුවා මත යැපෙන පාසල්වල ක්‍රීඩාව මේ වන විට මෑතකදී පාසල් ක්‍රීඩාවට එකතු වූ අලුත්ම සංකල්පය වන ක්‍රීඩා පුහුණුකරුවන් බ දවා ගැනීම නිසා ද යම් පිබිදීමක් ලබා තිබෙන බව කිව යුතුය.සම්ප්‍රදාය සහ සංස්කාතිය සොළවිය නොහැකි ගල් කුලක් සේ සිතන පරිපාලක සහ දේශපාලනය විසින් අලුත් පාරවල් නොසොයා කැඩුණු අබලන් මං ඔස්සේ අතීතකාමය වළඳමින් යන ගමන් නිසා ලංකාවේ පාසල් ක්‍රීඩාව එකතැන පල්වීම අධ්‍යාපන ක්‍රමයේම කඩා වැටීමකි.අඩුම තරමේ අලුත් පුහුණුකරුවා සමඟ පිබිදෙමින් පවතින ක්‍රීඩාව, ක්‍රීඩා ශිෂ්‍යත්ව ලෙස ක්‍රීඩා පාසල්වලට පිරිනමන ශිෂ්‍යත්වයෙ බැම්මෙන් මිදී පුළුල් විය යුතුය.ක්‍රීඩා පාසල්වල නොවන ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට පෞද්ගලිකව එය පිරිනැමිම හෝ සිතන්නට අධ්‍යාපන බලධාරීන්ට නොසිතීම ඛේදවාචකයක්ය.
ජාත්‍යන්තර පාසල් කේෂ්ත්‍රය දක්ෂයා පිනවීම සහ ඔහුට හිමිතැන ප්‍රදානය කිරීමේ සංස්කාතියට පිවිස සිටින අතර ඒ අනුව ඔවුන් විසින් ලබාගන්න ඉහළ පුහුණු ඥාණය මතින් මේවන විට නම් දැරූ පාසල්වල ක්‍රීඩාව අභියෝගයට ලක් කරමින් සිටින්නේය.එයට හොඳම උදාහරණය වෙමින් මේ මොහොත වන විට බාලක සහ බාලිකා සූරතා සඳහා වන සටනේ දෙ’අංශයෙන්ම දෙවන තැන සිටින්නේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලය.
ලංකාවේ පිටියේ ඉසව්වල දුප්පත්කම නිසා වැඩි පුරම අලුත්වන්නට තිබෙන්නේ එම වාර්තාය.එහෙත් ඒවා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන්නට මේ පිටියේ විසි කිරීම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග අත්දැකීම් ලැබෙන්නේ අඩුවෙන්ය.වැටි තිබෙන දෙයකට නැඟී සිටින්නට අත දීම වැදගත් වුවත්,ක්‍රීඩාව යනු ජයග්‍රහණවලින් පමණක් මනින සංස්කෘතික ඉඩක එවැනි ක්‍රීඩාවලට නැඟී සිටීමට අපහසුය.
ඊයේ කැපී පෙණුනම ක්‍රීඩකයා බවට පත් වූ මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ දිනෙත් ඉඳුවර වීරරත්න මෙවර ක්‍රීඩා උළෙලේ දෙවන නව වාර්තාව ඊයේ සිය නම ඉදිරියේ සටහන් කර ගැනිමට සමත් විය.ඒ අවුරුදු 18 න් පහළ මිටර් 200 තරගය තත්පර 21.73 න් නිමා කරමින්ය.ඔහු ඊට දින දෙකකට පෙර මීටර් 100 ඉසව්ව තත්පර 10.69 න් නිම කරමින් එහි වාර්තාව ද උරුම කර ගත්තේය.
මෑත කාලයේ නිතර අවධානයට ලක්වන යොවුන් ක්‍රීඩකයින් දෙපළක් වන මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞශල්‍යය සහ කොළඹ රාජකීය විද්‍යාලයේ නඳුන් බණ්ඩාර ද ඊයේ සිය නම් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා වාර්තා අතර අලුතෙන් රඳවා ගන්නට සමත් විය.ඉසුරු අවුරුදු 20 න් පහළ මීටර් 200 තත්පර 21.47 න් නිමා කරන්නට සමත් වූ අතර නඳුන් මීටර් 110 කඩුලු ඉසව්ව තත්පර 13.82 න් නිමා කරන්නට සමත් විය.අලුතෙන් ඊයේ දිනයේ බාලිකා අංශයෙන් එකතු වූ එකම වාර්තාව තරුෂි කරුණාරත්න ප්‍රමුඛ වලල ඒ රත්නායක බාලිකාවෝ අවුරුදු 20 න් පහළ මීටර් 400 සහය දිවීමේ ඉසව්ව විනාඩි 3:53.82 න් නිමා කරමින් තැබූහ.
සටහනේ ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ දෙනෙත් ඉඳුවර මීටර් 200 නව වාර්තාව සමඟ ඡායාරූපයට මුහුණ දුන් අවස්ථාවය.බාලිකා මීටර් 400 ඉසව්ව නව වාර්තාවක් සමඟින ජය ගත් තරුෂි කරුණාරත්න එම ඉසව්ව නිමා කරන අවස්ථාව දෙවන ඡායාරූපයේ දැක්වෙයි.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan