බදු සංශෝධන පනතක් ගැන පළවන වාර්තා අසත්‍යයක්!

බදු සංශෝධන පනතක් ලබන 09වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවටත්, ඒ හේතුවෙන් සියළු භාණ්ඩ මිල ඉහළ යන බවටත් ඇතැම් පුවත්පත් කර ඇති වාර්තාකරණය සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියි.

රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇතැම් පුවත්පත් වල පලවී තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පැවසූයේ මෙවර අයවැය ලේඛනයට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනයේ සඳහන් කරුණුවලට අදාලව යම් බදු සංශෝධන පනතක් 13 වැනිදා ඉදිරිපත් වීමට ඉඩ ඇතත්, එම සංශෝධනවලින් සියළු භාණ්ඩවල මිල ඉහළ යාමට කිසිදු හේතුවක් නැති බවද පැවසීය.

රෂිකා හෙන්නායක
2022.12.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...