ක්‍රිකට් තරුවක් ගැන ප්‍රමෝද්‍ය හෙළිකරයි!

Date:

ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තාන එක්දින සංචිතයෙන් ඉවත් කිරීම පාදක කරගනිමින් තමාව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉවත්කිරීමේ උත්සාහයක් ඇතැයි සැක පවතින බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.

? ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා,

“මේක ඇත්තටම චාමික පාවිච්චි කරලා ලොකු විනාශයක් කරන්න හදන්නෙ. මේක මුලින්නම ජනතාවට මාධ්‍යට කිව්වේ ක්‍රීඩා ඇමති සහ ස්‌පෝට් කවුන්සිල් එකේ සභාපතිතුමයි. කැසිනෝ එකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ගියපු එකක්. චාමික ඒ වැරැද්ද පිළිගත්තානේ. නමුත් මේක පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා, තේරිම් කමිටුවට කැඳවන්න. එහෙම කියලා ඉතින් මම හැබැයි ක්‍රීඩා ඇමතිතුමාටත් ස්පෝට් කවුන්සිල් එකේ සභාපතිතුමාටත් කිව්වා, මේක මීට වඩා ගෙනියන්න එපා. මොකද මේ ළමයාව අරගෙන මාව තෙරිම් කමිටුවෙන් අයින් කරන්න, මේ ළමයාගේ තියෙන මේ ඩ්‍රොප් එක හේතුවක් කරගන්නවානම් මට මේ ළමයා ඩ්‍රොප් කරපු සම්පූර්ණ හේතුව කියන්න වෙනවා. එහෙම වුණොත් මේ ළමයාගේ අනාගතය විනාශ වෙයි. එතෙන්ට මේක යවන්න එපා. එහෙම කියලා ඇවිල්ල ඊළඟ දවසේ, ක්‍රීඩා ලේකම්තුමා මගෙන් වාර්තාවක් ඉල්ලනවා. එතකොට මම දන්නවා මේ එන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන්න කියලා. මාව අයින් කරන්න ඕනනම් කියන්න වටේ යන්න එපා.”

? ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා – චාමික හෝටලයේ බුදුපහන පත්තු කරපු එකට ඔහුට විරුද්ධව දඬුවමක් දීලා තියෙනවා කියලා මම සමාජ මාධ්‍යයේ කියෙව්වා ?

“ඇත්ටම ඔස්ට්‍රේලියාවේ නීතියක් තියෙනවා. ගෙවල් ඇතුළේ ගින්දර පත්තු කරන්න බැහැ කියලා. පහන පත්තු කරලා මෙයා කාමරයෙන් මැච් එකට ගිහින් තිබුණා. කාමරේ සුද්ද කරන්න ආපු අය පැමිණිල්ලක් දාලා. චාමිකට කිව්වා පහන පත්තු කරලා. යද්දි නිවන්න කියලා.”

? ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා – යම් ආගමික කණ්ඩායමක් ඒ අයගේ කැමැත්ත අනුව තමයි ඔබලා තෝරන්නේ. කණ්ඩායමට ඇතුළුවෙන්නෙ කියලා ලැව්ගින්නක් වගේ පැතිරෙනවා. ?

“අපි තුන්දෙනා කණ්ඩායම තෝරලා යවනවා. කණ්ඩායම යැව්වාම දිනනවා. දෙවියෝ එතකොට දිනෙව්වා කියලා නැහැ. සමහර දෙවියෝ කියා ගන්නවා දිනෙව්වා කියලා. අපි දෙවියන්ගෙන් අහන්නේ නැහැ ආගම් බලන්නේත් නැහැ. අපි අපේ තේරීම කරනවා.”

ලෙස ඔහු වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක
2022.12.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...