*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මාධ්‍ය ක්ෂේත්‍රයට නව නීති සැකසීමට කාලය පැමිණ තිබේ: චරිත

යල්පැන ගිය නීතිරීති සංශෝධනය කරමින් කාලයට උචිත නව නීති සහ රෙගුලාසි සකසමින්, ඩිජිටල් අවකාශය තුළ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමේ ජාතික කාර්යභාරයට උරදීමේ ප්‍රමුඛ වගකීම ජනමාධ්‍ය අමාත්‍යාංශය සතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

? මාධ්‍ය ක්ෂේත්‍රයට නව නීති සැකසීමට කාලය පැමිණ තිබේ…….

? ජාතික ගුවන්විදුලිය, ජාතික රූපවාහිනිය පාර්ලිමේන්තුව යටතට ගෙන භාරකාර ආයතනයක් යටතේ ක්‍රියාත්මක කරන්න ……..

? නියාමන අධිකාරි පනත කඩිනම් කරන්න…

? වරලත් වෘත්තීය මාධ්‍යවේදී ආයතනය ඇරැඹීමට කටයුතු කරන්න ……….

? ඒ පිළිබඳ අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ….

“අද මේ අයවැය කාරක සභා විවාදයේ දී විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සාකච්ඡාවට භාජන වන අවස්ථාවේදී අදහසක් ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා.

මෙහිදී මම ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව වැඩි අවධානයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මේ ක්ෂේත්‍රය අපේ රටේ බොහොම වැදගත් කෂේත්‍ර යක් විදිහට අපි කවුරුත් පිළිගන්නවා.

විශේෂයෙන් අපි ජනමාධ්‍ය සම්බන්ධව අලුතෙන් හිතන්න වෙන තැනකට රට මේ වන විට ඇවිල්ල තියෙනව.

මේක මම කියන්නේ ජනමාධ්‍ය සම්බන්ධව අද අපේ රජයේත් ඒ වගේම අපේ රටේත් සමහර සිතීම හුඟාක් පරණයි කියා සිතෙන නිසා.

එනිසා විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ගැන කතා කරන්න ඉස්සර මට හිතෙනවා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වගකීමක් තියෙනවා ,අපේ රටේ නීති රෙගුලාසි හැදීම සම්බන්ධව ලොකු ලැක් (lack) එකක් තියන ක්ෂේත්‍රයක් මේක.

මේ ක්ෂේත්‍රයේ මම සෑහෙන කාලයක් වැඩ කරලා තියෙනවා .පහුගිය අවුරුදු පහළොවේම මේකට මම සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා.

අමාත්‍යංශය උපදේශකයෙක් විදියට අවුරුදු පහක් වැඩකරලා තියෙනවා, ස්ථිර ලේකම්වරයා විදියට අවුරුදු තුනක් වැඩ කරලා තියෙනවා.

එනිසා මේ අමාත්‍යාංශයේ තියෙන බොහෝ ෆයිල් එක්ක මම වැඩ කරලා තියෙනවා, ඒකයි මං කියන්නේ මේ ක්ෂේත්‍රයේ නෛතික ප්‍රතිපාදන හදන්න අමාත්‍යාංශය මීටත් වඩා වැඩ කල යුතුයි කියල.

විශේෂයෙන්ම නියාමන අධිකාරි පනත,
සම්බන්ධව අපේ රටේ පලල් සාකච්ඡාවක් සිදු වෙලා නැහැ .
එක එක ජනමාධ්‍ය ඇමතිවරු එක එක කාල වල මේක ඉස්සරහට දානවා .
ආයේ එක් ආයතනයක් ඒකට විරුද්ධ වෙනකොට ආයෙත් එක පස්සට ගන්නවා.

ඒ නිසා මෙම නියාමන අධිකාරිය හා සම්බන්ධ සාකච්ඡාව ,ශක්තිමත් ව බුද්ධිමත්ව මෙහෙයවිය යුතුයි.

එවගේම ඩිජිටල් කිරිමේ ව්‍යාපෘතිය…. අපේ රටේ ටෙලිවිෂන් විකාශන කටයුතු තාම සිද්ධවෙන්නේ ඇනලොග් ක්‍රමයට ,මේක අපේ රටේ තව එච්චර අවබෝධයක් නෑ ඔබට මතක ඇති අපි ඒ කාලේ analog phone පාවිච්චි කරන කාලේ ඇන්ටනාව දික් කරලා කුළුණ පැත්තට හැරි හැරි තමයි කතා කරේ ඒ අපේ වැඩ කටයුතු කලේ ඇනලොග් ක්‍රමය ඇතුලේ,
අප රටේ ටෙලිවිෂන් තාම telecast වෙන්නේ analog ක්‍රමය යටතේ digital ක්‍රමය ඇතුලේ නෙවෙයි,

ඒ TV තියෙන අයට ඩිජිටල් රූප රාමු ලබන්න පුළුවන් අනෙක් අය තාමත් ඇනලොග් ක්‍රමය ඇතු ලේ ඉන්නේ.

මේ රටේ රූපවාහිනී ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය පටන් ගන්න විශාල ප්‍රශ්නයක් තියෙනවා.
ඒ තමයි අපි යුරෝපයේ ක්‍රමවේදය ද කරන්නේ එහෙම නැත්තං ජපානය ක්‍රමයද කරන්න කියන ප්‍රශ්නය,
දැන් තීරණය කුත් අරන් තියෙනවා හැබැයි තාම මේක කතා කරන්න ඕන.

මතක් කරන්න ඕනේ අපි අමාත්‍යාංශය කරන කාලේ මේක පටන් ගත්තා

ඊට පස්සේ අපේ හිටපු අමාත්‍ය ඩලස් ඇමති තුමාගේ කාලේ එතුමන් නැවතත් මේක ආයෙ ආරම්භ කළා,

දැන් ආයෙත් මේකේ වැටිලා තියෙනවා ,එනිසා මම යෝජනා කරන්න කැමතියි චෝදනා කරනවා නෙවෙයි,

මම එය දැනුවත්ව කියන්නේ අපි දන්න ලේකම්වරු ඉන්නේ එනිසා අපි යෝජනා කරනවා මේක මේ ජපන් ක්‍රමය නම් ගේන්නෙ කරුණාකරලා මේක පටන් ගන්න.

“DVBT 2” නම් කරන්නේ ඒක පටන් ගන්න, මේ සම්බන්ධව යම්කිසි තීරණයක් ගන්න

ඒ වගේම එතන පනතක් තියෙනවා ඒක digital broadcasting network operated ඒ කියන්නේ DBNO පනත මේක තාම තියෙන්නෙ අතරමග මම ඇමතිවරු දෙන්නටම යෝජනා කරනවා මේ ෆයිල් දෙක ගෙනල්ලා බලන්න, DBNO එක.

මොකද නෛතික ප්‍රතිපාදන හදන වැඩේ අපිට කරන්න පුළුවන් ආර්ථිකය වැටුණට ,
මේ කාලේ ආර්ථිකය වැටුනා කියලා කැපිටල් project මූලධන ව්‍යාපෘති කරන්නෑ කියලා අදහසක් තියෙනවා , හැබැයි මේ නෛතික ප්‍රතිපාදන හදන්න පුළුවන්කම තියෙනවා.

ඒ වගේම වගේම වෘත්තීය ජනමාධ්‍යවේදි ආයතනය සම්බන්ධ පනත අපි අවසාන කරලා තියෙන්නේ මම ඒ පනත ඩ්‍රාෆ්ට් කරපු කමිටුවේ සභාපතිවරයා ඒ පනත අපි ලේකම්වරයාට ලබා දීලා තියෙනවා , විශේෂයෙන්ම chartered institute for media professional කියලා විශේෂයෙන්ම මාධ්‍ය වෘත්තියට වරලත් තත්වයක් ගේන්න අපි මේකෙදි යෝජනා කරලා තියෙන්නේ ,එනිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා ,මේ පනත වහාම ක්‍රියාත්මක කරන්න සාකච්ඡාව ආරම්භ කරන්න කියලා ,ඒක ඉතා වැදගත් කාරණයක්.

ඒ වගේම චිත්‍රපටි සංස්තාව සම්බන්ධව මේකෙත් බරපතළ ප්‍රශ්නයක්
නෛතික ක්ෂේත්‍රයේ තියෙනවා , අපේ රටේ චිත්‍රපටි පනත තාම තියෙන්නේ විශේෂයෙන්ම මිලි මීටර් 33 සැලෝලයිට් පට සම්බන්ධව තමයි ඒකෙ පදනම වශයෙන් තියෙන්නේ.

මේ ක ඩිජිටල් කරණ ව්‍යාපෘති යටතේ 4K තත්වයට ගේන්න ඕනෑ.
ඒක පනතින් ම වෙනස් කරන්න ඕනෑ ,පනතින් වෙනස් කරන්න ඕනේ
එනිසා 4K තාක්ෂණය යටතට අපේ චිත්‍රපටය ගෙනියන්නේ නැත්තං තැන් තැන්වල මදුරාසිය වගේ කූඩාරම් වල විවිධ විදිහට තමයි චිත්‍රපට පෙන්නන්න පටන් ගන්න ඉඩ තියෙන්නේ. එනිසා අපිට මේ පිළිබඳ විශාල වගකීමක් තියෙනවා මං මේ අවස්ථාවෙම එක යෝජනා කරනවා .

ඒ වගේම මේ අමාත්‍යාංශය යටතේ ප්‍රධාන ආයතන ගණනාවක් තියෙනවා ,ජාතික රූපවාහිනී සංස්ථාව,ජාතික ගුවන් විදුලි සංස්ථාවත් දැන් මේ අමාත්‍යංශය යටතේ තිබුණා ඇති ,මේක පාර්ලිමේන්තුව යටතේ භාරකාර (trustee) ආයතනයක් කරන්න ඕනේ .
පහුගිය ගෝඨාභය මැතිතුමාගේ ප්‍රථිපත්ති ප්‍රකාශනය ලියද්දි මම ම ලිව්වා මේ ආයතන දෙක පාර්ලිමේන්තුව යටතට අරන් (trustee) භාරකාර එකක් යටතේ අයවැයෙන් මුදල් වෙන් කරල ක්‍රියාත්මක කරන්න ඕන කියලා.
සුදුද කළුද නිල් ද රතු ද නැතුව කොළ නිල් රතු භේදයක් නැතුව මේ ජාතික සේවා දෙක රකින්න නම් මේක කරන්නම ඕන,

එහෙම නැත්නම් මේ දෙක වැහෙනවා. වහන්න දෙයක් නෑ
මාසෙකට මිලියන දෙසීයක් ඕනේ රූපවාහිනිය දුවවන්න ,ඒ නිසා තවදුරටත් මේක කරන්නම් පාර්ලිමේන්තුව යටතට භාරකාර එකක් යටතට ගේන්න ඕන මම ඒක යෝජනා කරනවා.

අමාත්‍යාංශයට මේක කරන්න පුළුවන් ගියපාර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාම පැහැදිලිව මම මේක අකුරෙන් ලියල තියෙනවා.

කරුණාකරලා මේ පිළිබඳව හොයලා බලන්න කියලා මම ඇමතිතුමාට යෝජනා කරනවා.
ඒ වගේම අපේ ලේක්හවුස් ආයතනයත් itn එකත් ලාභ ලබන්න පුළුවන් ආයතන දෙකක්, මම ලේකම්වරයා කාලේ ITN එකෙන් ලාභාංශ (dividend )ගෙව්වා.
මිලියන සියයක් ගෙවලා තියෙනවා.
ඒ නිසා අපි යෝජනා කරන්නේ මේක නැවත ඒ තත්වෙට ගේන්න ඕනෑ .
දැනට ස්වාධීන රූපවාහිනී සභාපතිතුමාට මම සුබ පතනවා එතුමා මොන පක්ෂෙන් ආවත් යම්කිසි මධ්‍යස්ථ භාවයක් රකිනවා.

ඒ වගේ මම ජාතික රූපවාහිනි යේ සභාපතිතුමාට ත් කියනවා ඩලස්ලා චරිතලා පෙන්නන්න එපා කවදාවත් කියලා, රූපවාහිනි ඇතුළෙ සද්දෙ දාන්න එපා ඕවා එච්චර වැදගත් වැඩ නෙමෙයි ,
අපිව පෙන්නුවෙ නැති උනත් කමක් නෑ මේ ආයතනය රකින්න ඕනේ ,මේ ආයතනයේ සේවකයෝ ටික රකින්න ඕන,
ඒ නිසා මේ ආයතන දෙක රකින ගමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ,තවදුරටත් දෙපාර්තමේන්තුවක් විදිහට ව තියාගන්නවද නැද්ද කියන එක තීරණයක් ගන්න තියෙනවා.

digital ඩිජිටල් ආකෘතිය යටතේ රාජ්‍යය නියෝජනය පෙන්නන්න නම් දෙපාර්තමේන්තු රාමුවෙන් එළියට යන්න වෙලා තියෙනවා, දෙපාර්තමේන්තු ආක්කෘතිය අනික් ඒවට හොඳ ඇති නමුත් ප්‍රවෘත්ති ක්ෂේත්‍රයට මාධ්‍ය ට මේක පරණයි ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මේක පරණයි,
මේක අලුත් කරන්න නෛතික ප්‍රතිපාදන හදන්න කියලත් මම යෝජනා කරනවා.

යැයි ඒ මහතා සදහන් කළේය.

රෂිකා හෙන්නායක
2022.12.05

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan