*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/05

1. පැරිස් ක්ලබ් ක්‍රෙඩිටර් නේෂන්ස් (Paris Club Creditor Nations) ශ්‍රී ලංකාවේ ණය මත වසර 10 ක ණය සහන කාලයක් සහ වසර 15 ක් පුරා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් යෝජනා කරන බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි – මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් අතර සිටින චීනයේ සහ ඉන්දියාවේ ප්‍රතිචාරය පිළිබඳව එහි සඳහනක් නොමැත.

2. විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවෙන් විසින් ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 15කට බෙදීමට යෝජනාවක්! – අනවශ්‍ය යෝජනා භාර ගැනීමෙන් වළකින ලෙස ද රජයෙන් ඉල්ලා සිටී.

3. මීට පෙර වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වූ බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුවන වෘෂණ කෝෂ ජාවාරමක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වෙයි – මෙම නීති විරෝධී මෙහෙයුම “භායි” නම් තැරැව්කරුවකු විසින් පවත්වාගෙන යනු ලබන බවට වාර්තා වෙයි – මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංජින්ද්‍ර ජයසූරියට දැනුම් දී ඇත.

4. තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ඔස්ට්‍රේලියානු පොලිසියේ අත්අඩංගුවට! – මරණයට පත් 44 හැවිරිදි කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර මෙල්බර්න් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී ඇයට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

5. “සංචිත මුදල් වැඩිවීම” ප්‍රමාණවත් බව පවසමින් අධිපති නන්දලාල් වීරසිංහ යටතේ “මුදල් මුද්‍රණය කිරීම” සාධාරණීකරණය කිරීමට මහ බැංකුව ගන්නා ප්‍රයද්නය හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති පී සමරසිරි හෙළා දකියි – මෙහි දී මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම නොසලකා ඇති බව පෙන්වා දෙයි – මෙම න්‍යායේ බොහෝ තාක්ෂණික දෝෂ ඇති බව පෙන්වා දෙයි – මෙම වෑයම “ගෝත්‍රික” මූල්‍ය සංකල්ප වෙත ආපසු යාමක් වැනි බව ද පෙන්වා දෙයි.

6. පසුගිය වසර තුළ ආපසු ගෙන්වා ගැනීමකින් තොරව අපනයනකරුවන් විසින් විදේශ ඉපැයීම් වලින් ඇ.ඩො. මිලියන 3,000 පමණ රැස්කර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි – 2022 ඔක්තෝම්බර් මාසයේදී අපනයන ඉපැයීම් ඇ.ඩො. මිලියන 1,450 ක් වූ අතර එයින් ඇ.ඩො මිලියන 1,199 ක් ම වෙළඳ භාණ්ඩවලට අදාළ මුත්, ඉන් පරිවර්තනය කර ඇත්තේ ඇ.ඩො. මිලියන 326 ක් පමණක් බව ද පවසයි – 2022 ජනවාරි සිට නොවැම්බර් දක්වා සංචාරක ඉපැයීම් ඇ.ඩො. මිලියන 1,129 ක් වී ඇති අතර, 2022 නොවැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ඇ.ඩො. මිලියන 107 ක් වී ඇති බව ද පවසයි.

7. රැකියා සඳහා සංචාරක වීසා මත විදේශගත වූවන් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කරයි.

8. සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දීමකින් තොරව රැකියා හැර යන රාජ්‍ය අංශයේ වෛද්‍ය වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි අසාදු ලේඛනගත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකු පවසයි – කෙසේ වෙතත්, ඔවුන් බැඳුම්කරයක් යටතේ විදේශ පුහුණුව ලබා ඇත්නම්, ඔවුන්ගේ පුහුණුව සඳහා වියදම් කළ මුදල් ගෙවීමට සිදුවනු ඇත.

9. රට ගොඩනැගීමට හැකි එකම දේශපාලන බලවේගය තමන් ප්‍රමුඛ සමඟි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

10. සංචාරක කර්මාන්තය නංවාලීමට රටට අවශ්‍ය නම් මත්පැන් අලෙවිසැල් දවසේ පැය 24 ම විවෘතව තැබිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කරයි – රාත්‍රී 11 ට මත්පැන් හල් වසා දමන බැවින් හෝටල්වල සිටින විදේශිකයන්ට ඉන් පසුව මත්පැන් ලබා ගැනීමට නොහැකි බව පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan