තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් උඩුයටිකුරු කළ Michaung

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Michaung සුළි කුණාටුව හේතුවෙන් පවතින අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ,ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට කුණාටුව ළඟා වී ඇති අතර, තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල පහත් බිම්වල වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බව පැවසේ.

චෙන්නායි නගරයේ බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මෝටර් රථ ගසාගෙන ගොස් ගස් කඩා වැටී ඇති බවද සඳහන් වේ.

ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන චෙන්නායි ගුවන් තොටුපළද වසා දමා ඇති අතර, පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බව චෙන්නායි පොලිසිය පවසයි.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් චෙංගල්පත්තු නගරයේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන අතර, කාලගුණ විද්‍යා නිලධාරීන් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදනද නිකුත් කර ඇත.

ප්‍විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් පුද්ගලයින් 7,000 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති අතර, සුළි කුණාටුවේ ගමන් මාර්ගය සහ ප්‍රචණ්ඩත්වය අනුව අමතර 21,000 ක් ඉවත් කිරීමට ඉඩ ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...