ජපන් රජයෙන් ඇ. ඩො. මි. 2.5 ක වාහන පරිත්‍යාගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (05) දින උදෑසන , ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. ඒ ජල හා මුදවා ගැනීම් පරිශ්‍රයේ දී පැවති උත්සවයකදීය.

මෙම වාහන තොගය අතර, අති නවීන උපාංග සහ ඉහළ ධාරිතාවයෙන් යුතු බෝට්ටුවක් , ගිනි හා මුදවා ගැනීමේ රථ දෙකක් , පෙර ගමන් රථයක් , කැබ් රථ දෙකක් ද විය .

මෙම බෝට්ටුව අශ්ව බල 100 සහ අශ්ව බල 25 ඇංජින් දෙකකින් බල ගැන්වෙන අතර එම බෝට්ටුවෙහි ජී.පී.එස් තාක්ෂණය ඇතුළු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත වී තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය කෙළවර මීගමුව කළපුව සහ ඉන් එහා ඉන්දීය සාගරය පවතින බැවින් හදිසි අවස්ථාවකදී ගුවන් යානා අනතුරක් සිදු වී ගුවන් යානයක් , ඒවා මතට කඩා වැටුනහොත් එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බේරා ගැනීම සදහා බෝට්ටු සේවාවක් සූදානම් කර තැබිය යුතු බවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මගින් නිර්දේශ කර තිබේ.

එහෙත් මෙම අති නවීනතම බෝට්ටුව , ජාතික අවශ්‍යතාව සළකා බලා ගුවන් තොටුපොළ විසින් , විදේශයන් ගෙන් රට තුළට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.

ඒ වෙනුවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සතුව තිබූ වෙනත් බෝට්ටුවක් ගුවන් තොටුපොළ වෙත පරිත්‍යාග කිරීම ද මෙම අවස්ථාවේ සිදු විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...