*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ආරම්භ වේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම ඊයේ (04) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ විය.

මෙම ණය යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම වැඩපිළිවෙල දියත් කෙරෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන යන මහත්වරු අදාල ණය යෝජනා ගිවිසුම් හුවමාරු කරගැනිම සිදු කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වේ. තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර තිබිය යුතුය.( අවම වශයෙන් පසුගිය මාස තුන තුළ)

මෙම ණය මුදල ලබාගත හැකි අවස්ථා වන්නේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා වේ. ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 ක් වේ. මේ සඳහා පසුගිය මාස 3 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි (Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රු.මිලියන 2 න් අඩු අගය අදාළ කරගත යුතුවේ.

ණයලාභියා ගෙන් අයකල හැකි උපරිම පොලී අනුපාතය 8% ක් වන අතර උපරිම මාස 36 ක් දක්වා ණය පියවීම සඳහා කාල රාමුවක් ලබා දේ.මේ සඳහා තනිවම හෝ ඒකාබද්ධව ණය අයදුම්පත් විදේශගත වීමට ප්‍රථම හෝ විදේශගතව සිටියදි අදාළ බැංකුව වෙත යොමුකල හැකිය. අදාළ ණය අයදුම්කරු විසින් ඔහු ශ්‍රී ලංකාවේ නොමැති අවස්ථාවල ඔහු වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ලඟම ඥාතියෙකු වෙත ඇටර්නි බලපත්‍රයක් මඟින් බලය පැවරිය හැකිය.

ශ්‍රී ලංකා රුපියල් මඟින් ණය ගෙවීම සිදුකිරිම සඳහා ඉඩ ලබාදී නොමැති අතර, විදේශ සේවා නියුක්තිය අවසන් කර ලංකාවට පැමිණි පසුව පමණක් අදාළ අවස්ථාව ලබා දී ඇති අතර, රුපියල් මඟින් ණය පියවීම සිදුකරනු ලබන්නේ නම් වෙලඳපොල පවත්නා පොලී අනුපාතයන් අදාළ කර ගැනීම සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර, මේ සඳහා දායකවන පහතින් දක්වා ඇති බැංකු සඳහා 4% ක වාර්ෂික පොළි අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබා දේ.

· ලංකා බැංකුව
· මහජන බැංකුව
· කොමර්ෂල් බැංකුව
· හැටන් නැෂනල් බැංකුව
· සම්පත්බැංකුව
· සෙලාන්බැංකුව
· කාගිල්ස් බැංකුව
· DFCCබැංකුව
· ජාතික සංවර්ධනබැංකුව
· පෑන්ඒෂියාබැංකුව
· යූනියන්බැංකුව එම බැංකු වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan