කැලිෆෝනියා වෙරළ තිරයට රික්ටර් මාපකයේ 7 ක ප්‍රබල භූමිකම්පාවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනයට අනුව උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී ඇති බව වාර්තා වේ.

ප්‍රධාන භුමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන රැසක්ද වාර්තා වී තිබු අතර කැලිෆෝනියාවේ බර්ක්ලි නගරය ඇතුළු සමහර ප්‍රදේශ ඉවත් කිරීමේ නියෝගයන්ද ක්‍රියාත්මක විය.

ඒ අනුව යමින්, මිලියන 4.7 ක පමණ ජනතාවක් ඇතුළත් ප්‍රදේශයක් වන උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ මුත් මේ වන විට එය අවලංගු කර ඇත.

ප්‍රාදේශීය බලධාරීන් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, භූමිකම්පාවෙන් පසු කිසිදු මරණයක් හෝ විශාල පුලුල් හානියක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ නමුත්, මෙම භුමුකම්පාව මේ වසරේ කලිෆොර්නියාවට බලපෑ රික්ටර් පරිමාණ 7 ක භූමිකම්පා නවයෙන් එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...