කැලිෆෝනියා වෙරළ තිරයට රික්ටර් මාපකයේ 7 ක ප්‍රබල භූමිකම්පාවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනයට අනුව උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී ඇති බව වාර්තා වේ.

ප්‍රධාන භුමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන රැසක්ද වාර්තා වී තිබු අතර කැලිෆෝනියාවේ බර්ක්ලි නගරය ඇතුළු සමහර ප්‍රදේශ ඉවත් කිරීමේ නියෝගයන්ද ක්‍රියාත්මක විය.

ඒ අනුව යමින්, මිලියන 4.7 ක පමණ ජනතාවක් ඇතුළත් ප්‍රදේශයක් වන උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ මුත් මේ වන විට එය අවලංගු කර ඇත.

ප්‍රාදේශීය බලධාරීන් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, භූමිකම්පාවෙන් පසු කිසිදු මරණයක් හෝ විශාල පුලුල් හානියක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ නමුත්, මෙම භුමුකම්පාව මේ වසරේ කලිෆොර්නියාවට බලපෑ රික්ටර් පරිමාණ 7 ක භූමිකම්පා නවයෙන් එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...