*
Thursday, January 23, 2025
spot_img

Latest Posts

පදවියේ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

පදවිය, බෝගස්වැව ප්‍රදේශයේදී ඊයේ (දෙසැම්බර් 05) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ බෝගස්වැව, බාලයාවැව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාව නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්. වෙඩිවැදීමෙන් තුවාලලත් ඇය පදිවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීම සඳහා T 56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇතැයි පොලීසිය සැක කරන අතර වෙඩිතැබීමට හේතුවක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan