ඉන්දියාව දෙසැම්බර් 1 වන දා සිට G20 සභාපතිත්වය භාරගනී

Date:

ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් 2022 දෙසැම්බර් 1 වන දා සිට ඉන්දියාව විසින් නිල වශයෙන් G20 සභාපතිත්වය ඉන්දුනීසියාව වෙතින් භාර ගන්නා ලදී. G20 යනු ලොව ප්‍රධාන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගෙන් සැදුම්ලත් අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එබැවින් එය ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවය සඳහා ප්‍රමුඛතම සංවිධානය වේ.

2.        මෙම වැදගත් අවස්ථාව නිමිත්තෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා G20 සභාපතිත්වය උදෙසා ඉන්දියාවේ දැක්ම පිළිබඳ ලිපියක් රචනා කර ඇති අතර එය ලොව විවිධ පුවත්පත් සහ වෙබ් අඩවිවල පළ විය. ඉන්දියාව සුවපත් කිරීමේ, සුසංයෝගයේ සහ අපේක්ෂාවේ සභාපතිත්වයක් දැරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යතුමා මෙම ලිපියේ සඳහන් කර තිබිණ.

3.        ඉන්දියාවේ G20 සභාපතිත්වයේ ප්‍රධාන අරමුණක් වන්නේ G20 සංවිධානය මහජනතාවට වඩා සමීප කරමින් එය සැබවින්ම “ජනතාවගේ G20” සංවිධානයක් බවට පත් කිරීමයි. මෙය සාක්ෂාත් කරගැනීම සඳහා විශාල ජන සහභාගීත්වයක් සහිත විවිධ වැඩහටහන් වසර පුරාම සැලසුම් කර ඇත.

4.        ඉන්දියාවේ සභාපතිත්වයේ පළමු දිනය සනිටුහන් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණ. මෙදින උදේ වරුවේ දී විශ්ව විද්‍යාල සම්බන්ධ කරගත් විශේෂ වැඩසටහනක් පැවති අතර ඒ හරහා රට පුරා විශ්ව විද්‍යාල 75ක සිසුන් අතථ්‍ය වශයෙන් එක් වේදිකාවකට රැගෙන එන ලදී. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධාන ලේකම් පී. කේ මිශ්‍රා මහතා ද මෙම අවස්ථාව ඇමතූහ. G20 වැඩකටයුතු සම්බන්ධයෙන් තරුණ තරුණියන් සම්බන්ධ කරගැනීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. විවිධ පාසල්වල පැවති විශේෂ G20 සැසි හරහා පාසල් සිසුන් ද මේ සඳහා සම්බන්ධ කෙරිණ.

5.        මහජන සහභාගීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් කොහිමා හි හෝන්බිල් උත්සවයේ දී ද G20 සම්බන්ධ විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබිණ. යුනස්කෝ ලෝක උරුම ඇතුළු ස්ථාන සියයක් විශේෂ ලෙස ආලෝකවත් කෙරුණු අතර MyGov හරහා මෙම ස්ථාන අසල සෙල්ෆි ඡායාරූප තරඟයකට සහභාගී වන ලෙස ජනතාවට ආරාධනා කෙරිණ. වැලි නිර්මාණ ශිල්පී සුදර්ශන් පට්නායික් මහතා විසින් ඉන්දියාවේ G20 ලාංඡනය ඔඩිෂා හි පූරි වෙරළේ වැලිවලින් නිර්මාණය කරන ලදී.

6.        අග්‍රමාත්‍යතුමා විසින් මෑතකදී විවෘත කරන ලද G20 වෙබ් අඩවිය අද දින g20.org වෙත සංක්‍රමණය කෙරුණු අතර ඉන්දියාව විසින්  G20 සංවිධානයේ @g20org යන ට්විටර් ගිණුම ඇතුළු නිල සමාජ මාධ්‍ය ගිණුම් ද නිල වශයෙන් භාර ගන්නා ලදී.

7.        ඉන්දියාව තම G20 සභාපතිත්වයේ තේමාව වන “වාසුදායිව කුටුම්බකම්” – “එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්” යන තේමාව යටතේ නගර 50කට අධික සංඛ්‍යාවක විවිධ කාර්යප්‍රවාහ 32ක විවිධ හමු 200කට අධික සංඛ්‍යාවක් පවත්වනු ඇති අතර ඉන්දියාවට G20 සාමාජික රටවලට සහ ආරාධිතයන්ට ඉන්දියාවේ පොහොසත් සංස්කෘතික උරුමයෙන් බිඳක් පිරිනැමීමට ද ඔවුන්ට අනන්‍ය ඉන්දියානු අත්දැකීමක් ලබා දීමට ද අවස්ථාව හිමි වනු ඇත.

(මෙහි අන්තර්ගතය නව දිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනයක් ඇසුරින් සකස් කර ඇත).

***

කොළඹ

2022 දෙසැම්බර් 2

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...