*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

වසරේ ප්‍රාදේශිය ක්‍රීඩා වාර්තාකරු සම්මානය වසන්ත නිරෝෂන්ට

ප්‍රාදේශිය වාර්තාකරුවා කලවම් වෑංජනයකි.එයට නමක් කීමට නොහැකිය.ඒ නිසා ඔහුට ක්‍රීඩාව වැනි විෂයක් ආවරණයේදී සිඳු විය හැකි අතපසුවීම් බොහෝමයකි.කොළඹ ප්‍රදේශයේ ප්‍රාදේශිය මාධ්‍යකරුවාට එහිදි ඇතිවන බලපෑඹ තවත් වැඩිය.ප්‍රවෘත්ති ගහන ප්‍රදේශයක දේශපාලන,අපරාධ වැනි බහුල පුවත් හඹා යන අතරේ ක්‍රීඩා පුවත් සැපයීමේදී ඊට ද සපිරි තොරතුරු සහිතව සහභාගී විමේ දුෂ්කර කාර්යය ඉටු කරන මාධ්‍යවේදියෙක් වන වසන්ත නිරෝෂන් තමන් කුමන විෂයෙහි ප්‍රවෘත්තියක් ආවරණය ක ද එම ප්‍රවෘත්තිය සමබන්ධයෙන් එය ආවරණයට පෙර සහ පසු කරන හැදෑරීම්වලින් ප්‍රවෘත්තිය පෝෂණය කරන අයුරු අපූරුය.ජාතික නාලිකාවල නිෂ්පාදකයන්ට ද ඉගැන්විය හැකි මට්ටමේ සම්පත් දායකයෙක් ලෙස වර්ථමානයේ බොහෝ මාධ්‍ය නාලිකාවලට සේවය සපයන නිරෝෂන් මෙවර සබුද්ධි සම්මාන උළෙලේ හොදම ප්‍රාදේශීය මාධ්‍යකරු සේ ඇගයීම සැබවින්ම සම්මාන නිර්දේශ කරන්නන් සම්මානයෙන් පිදිය යුතු යුතුකමකි.
ක්‍රීඩාවේ වැදග්තම අංගයක් වන ක්‍රීඩා සාහිත්‍යය ඇගයීම පදනම් කරගෙන මේ සම්මාන උළෙලේ පිදෙන සෑම සම්මානයකටම ඇගයීමක් තිබිය යුතුය.ඒ අතර ලංකාවේ බොහෝ කේෂ්ත්‍ර එක් තැන පල්වෙමින් තිබෙන අතර ඊට හේතුව ඒ ඒ විෂය කේෂ්ත්‍රයන්හී සිඳු නොවන පර්යේෂණය.එවැනි වටපිටාවක සිය වෘත්තියට උපරිම සාධාරණයක් කරන්නට කැපවෙන අනෝමා රත්නායක වසරේ පර්යේෂණ නිබන්ධනය සඳහා සම්මානය දිනා ගැනීම ද එවැනි සම්මානයක් සම්මාන උළෙලට ඇතුළත් වීම ද අගය කළ යුතුය. කැලණිය විශ්ව විද්‍යාලයේ – ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශයේ අංශාධිපති අනෝමා රත්නායකට එම සම්මානය හිමි වූයේ ‘Impact of Covid-19 outbreak on stress and depression among Indian football players’ නිබන්ධනයට ය.ඇය මේ සම්මාන උළෙලේ ඇගයීම් ලද එකම කාන්තාව විම ද විශේෂත්වයකි.එසේම ඇය කාලයක් සිය ක්‍රීඩාමය ලිවීම ලක්බිම පුවත්පත හරහා වර්ධනය කර ගත් මාධ්‍යවේදිනියක වීම ද විශේෂත්වයකි.
කැළණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍යමය දායකත්වය තවත් ආකාරයකින් ඇගයීම් ලැබීම මෙම සම්මාන උළෙලේදි දකින්ට ලැබුණු අතර එහිදී එම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා හා ශාරිරික ක්‍රියාකාරකම් අධ්‍යක්ෂ සමන් කුමාර ගුණවර්ධන ද සම්මානයට පාත්‍ර විය. ඒ වසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය ලෙස සමන් කුමාර ගුණවර්ධන රචනා කළ ශ්‍රී ලංකා මළල ක්‍රීඩාවේ වසර සියය කෘතිය වෙනුවෙන්ය.
සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල දෙසැම්බර් (02) වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් අනුස්මරණ ශාලාවේදී පැවති අතර එහිදී යෝගානන්ද විජේසුන්දර අනුස්මරණ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය රන් සම්මානය ආර්. ඒ. විමලසේන පෙරේරා මහතාට පිරිනැමිණ. ඒ ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රවර්ධනයට ලබා දුන් ක්‍රීඩාමය පෞරුෂ දායකත්වය වෙනුවෙනි.
මෙවර සබුද්ධි සම්මාන උළෙලේ දී යෝගානන්ද විජේසුන්දර අනුස්මරණ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය රන් සම්මානය හිමි කරගත් ආර්. ඒ. විමලසේන පෙරේරා මහතා ආසියානු ක්‍රීඩා (1966 – තායිලන්ත), පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා (1966 ජැමෙයිකා) සහ ඔලිම්පික් ක්‍රීඩා (1968 මැක්සිකෝ) යන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ත්‍රිත්ත්වය මැරතන් ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයෙකි. මැරතන් ජාතික ශූරතාව හතර වතාවක් (1966, 1967, 1668 සහ 1969), මීටර් දස දහස ජාතික ශූරතාව හතර වතාවක් (1966, 1968, 1972, 1973) ජයග්‍රහණය කළ ඔහු යුධ හමුදා අන්තර් ඒකක මාර්ග ධාවන තරගාවලිය ද සිව්වතාවක් ජයග්‍රහණය කළේය. මැරතන් ජාතික ශූරතාවේ ශ්‍රී ලංකා වාර්තාව ඔහු සතුව වසර 25ක් පැවතිණ. ක්‍රීඩාවේ ඔහු දැක්වූ එම විශිෂ්ට පෞර්ෂය විසින් ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනයට දැක්වූ උත්තේජනය සැලකිල්ලට ගනිමින් ජීවිතයේ දී එක් වරක් පමණක් පිරිනැමෙන යෝගානන්ද විජේසුන්දර අනුස්මරණ ක්‍රීඩා සාහිත්‍ය රන් සම්මානය මෙවර ඔහුට පිරිනැමිණ. සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රවර්ධනය උදෙසා පෞරුෂමය දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන සබුද්ධි ක්‍රීඩා රන් සම්මානය පිරිනැමුණේ ආසියාවේ වේගත්ම මිනිසා වූ යුපුන් අබේකෝන් වෙතයි. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා සම්මානය සඳහා පිරිනැමෙන බන්දුල වර්ණපුර අනුස්මරණ සම්මාන මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුබසිංහ (සිංහල), නෙවිල් වික්ටර් ඇන්තනි (දෙමළ), අලාම් ඔස්මාන් (ඉංග්‍රීසි) වෙත හිමි විය. වසරේ විවිධ විෂයික කෘතිය උදෙසා පිරිනැමෙන එල්. එන්. ස්පෝර්ට්ස් සම්මානය අසෝක ගුණතිලක පරිවර්තනය කළ රොෂාන් මහානාම – වේදනාත්මක සමුගැනීමෙන් තීරක ලෙස යළි පිටියට කෘතියට පිරිනැමිණ. ඡායාරූප ශිල්පියා සම්මානය කැලුම් චාමර වෙත පිරි නැමිණ. මාධ්‍ය, ග්‍රන්ථ, ප්‍රකාශන, පෞරුෂ සහ ප්‍රවර්ධන යන තේමා පහ යටතේ පැවැති සම්මාන උළෙලේදී සම්මාන සහ කුසලතා සහතික පිරිනැමූ අතර පිරිනැමූ වසරේ සෙසු සම්මාන මෙසේය.

වසරේ නව මාධ්‍ය – ද පපරේ
වසරේ ගුවන්විදුලිය – ලක්හඬ
වසරේ රූපවාහිනිය – හිරු
වසරේ දිනපතා පුවත්පත – දිනමිණ
වසරේ සති අන්ත පුවත්පත – අරුණ

එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි සම්මාන උළෙල මෙවර පැවැත් වුණේ තුන්වැනි වරට යි. ද චාන්ස් ස්පෝර්ට්ස් රන් අනුග්‍රහයෙන් එක්වන සම්මාන උළෙලේ නිල සහයෝගිතාව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙනි. සම්මාන උළෙලේ බුද්ධි මණ්ඩලය ක්‍රීඩා වෛද්‍යාතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක (සභාපති), අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා සුනිල් ජයවීර, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බී. අබේකෝන්, කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහ විඥාපන අධ්‍යයනාංශයේ ආචාර්ය නාමලී සුරවීර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ කථිකාචාර්ය ෆාතිමා ශානාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය. සම්මාන උළෙලට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, ද චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ලසන්ත අමරසිංහ, සබුද්ධි සභාපති තමීර මංජු, සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ, යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan