වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය ඒකකය.

Date:

වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (05) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි මට්ටක්කුලිය කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

එම සැකකරු විසින් වකුගඩු මුදලට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර වකුගඩු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධීකරණය කර ඇත්තේ මොහු බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මොහොමඩ් බසීර් මොහොමඩ් රාජබ්දීන් නැමැත් එම සැකකරු ඇඳුම් වෙළෙඳාම් කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කර තිබේ.

සැකකරු අද (06) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත්පුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා ලැබුණු තොරතුරු ඔස්සේ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදුකර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා තෙක් අදාළ පෞද්ගලික රෝහලේ අවයව බද්ධ කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ද තීරණය කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

රෂිකා හෙන්නායක
2022.12.06

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...