*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

නීතියට ගරු නොකර ශ්‍රමිකයන් එතෙර යැවූ රැකියා ඒජන්සි 400ක් තහනම් – මනූෂ

සංචාරක වීසා මත ශ්‍රමිකයන් විදෙස්ගත කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු නොදුන් රැකියා නියෝජිතායතන 400ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය. රට අමාරුවෙන් ඉස්සරහට අරගෙන යන වෙලාවේ, අපි අමාරුවෙන්, බය නැතිව ගන්න තීරණවලට වළ කපන අයට අහුවෙන්න එපා යැයි ඉල්ලා සිටින බවත් නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

සංචාරක වීසා මත කාන්තාවන් විදෙස් ගත කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් පසුගිය දින දෙකේදී අත්අඩංගුවට ගත් බවද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම ඩොලර් නොමැතිව උණ්ඩියල් ආකාරයෙන් කොමිස් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බවද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම සංචාරක වීසා මඟින් එම රටවල රැකියාවට යාම නතර කිරීමට මාසයකට ඉහතදී කටයුතු කළ අතර, ස්වයං මාර්ගයෙන් ගෘහ සේවයට යාම ලියාපදිංචි කිරීමද නතර කළ බවද ඇමැතිවරයා කීය. සංචාරක වීසා මත විදේශ ගත වන කාන්තාවන් සම්බන්ධයෙන් වන විමර්ශන වැඩි කිරීමටත්, නීතිමය පියවර ගැනීමත් දැඩි කළ බවද හෙතෙම පැවසීය. සංචාරක වීසා මඟින් කාන්තාවන් රැකියාවලට විදේශගත කරන පුද්ගලයන් හඳුනාගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව කටයුතු කරමින් සිටින බවද මනූෂ නානායක්කාර මහතා කීය. මේ වන විට සිදුවීම් 190ක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වර්ෂයේදී ස්ථාන 25ක් සාර්ථකව වටලා ඇති බවද හෙතෙම පැවසීය.

විවිධ දුෂ්කරතාවන්ට මුහුණදී තිබෙනවා. එවැනි කාන්තාවන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේදී වගකිව යුතු බඳවා ගැනීමේ ආයතනයක් හෝ අතරමැදියන් සොයා ගැනීමත් තානාපති කාර්යාලවලට දුෂ්කර වී තිබෙනවා. අතරමැදියන් විසින් විශාල ගාස්තු අය කරමින් මෙම කාන්තාවන් බඳවාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී එක් රටකින් තවත් රටකට දේශ සීමා හරහා ගෙන යන අවස්ථාවන් දක්නට ලැබෙනවා. ඕමාන හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරක්ෂා නිවාසවල රඳවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් වන ඉල්ලීම් ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 12 දෙනෙක් හා සංචාරක වීසා මඟින් වෙනත් කටයුතු සඳහා පිටත්ව යන බව හඟවමින් පිටත්ව ගිය තවත් 65 දෙනෙක් ලෙස 77 දෙනෙක් ඕමාන්හි සුරක්ෂා නිවාසවල සිටිනවා. එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සුරක්ෂා නිවාසවල සංචාරක වීසා මඟින් ගිය හත් දෙනෙක් සහ ලියාපදිංවි වී ගිය හැත්තෑ දෙනෙක් ලෙස 77 දෙනෙක් සිටිනවා. සුරක්ෂා නිවාසවල සිටින සම්පූර්ණ සංඛ්‍යාව එක්දහස් පන්සියය, දෙදහස දක්වා ඉහළ ගොස් තිබූ නමුත් දැන් එම සංඛ්‍යාව අඩු කරගෙන තිබෙනවා.



රෂිකා හෙන්නායක
2022.12.06

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan