රටක බංකොලොත්භාවය ප්‍රකාශ කලාට පසු මොකද වෙන්නෙ – අජිත් නිවාඩ් කබ්රාල්

Date:

රටකබංකොලොත්භාවය ප්‍රකාශ කලාට පසු සිදුවන්නේ කුමක්දැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිලි කරයි.

ඒ පිළිබඳ ඔහු මෙසේ පැවසීය .

– ආයෝජකයන රට තුළ ආයෝජනය නොකර ආයෝජනය මඟ හැරීම සිදු වේ.

– ගෙවීම් පැහැරහරින රටකට ඉන් පසුව නව විදේශ විනිමය ණය ලබා ගැනීම ඉතා අපහසු වෙනවා.

– පැහැර හැරීමෙන් පසු අවම වශයෙන් වසර 5 සිට 10 දක්වා කාලයක් තුලදී ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ වෙත ප්‍රවේශය අහිමි වේ.

– රටේ බැංකු පද්ධතිය විශාල පීඩනයකට ලක් වෙන අතර ණයවර ලිපි විවෘත කිරීමේදී සහ විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීම ඉතා බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා.

– දේශීය බැංකුව වෙත කලින් ලබාදී ඇති විදේශ විනිමය ණය සහ ආයෝජන නවතා දැමීම සහ කල් දැමී සිදු කෙරෙනවා.

– විදේශයන්හි ව්‍යාපාර කරන ශ්‍රී ලාංකික සමාගම්වලට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා.

– විදේශ විනිමය අරමුදල් හරහා කෙරෙන යටිතල පහසුකම් ව්‍යාපෘති ක්ෂණිකව නතර කෙරේ.

– විදේශ ආයෝජනයන් කාලයක් බලා සිටිමු patency යන ආකල්පය අනුගමනය කරන්නට පටන් ගන්නවා.

– කුඩා සහ මධ්‍ය පරිමාණ ආනයන පදනම් වූ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් හා කඩා වැටීමේ අවදානමකට මුහුණ දෙනවා.

– ලක්ෂ සංඛ්‍යාතික රැකියා සහ ජීවනෝපායන් අනතුරේ වැටෙනවා.

– උද්ධමනය සහ පොලී අනුපාතය ඉහළ යනවා.

යනුවෙන් පැහැදිලි කල එතුමා වැඩිදුරටත් පැවසූයේ මේ සියල්ලම සමඟ ආර්ථිකයට දරුණු ප්‍රතිවිපාක ඇතිවෙන බවයි. එසේ ඇති නොවීමට වගබලා ගැනීමට රටේ මුදල් ඇමතිතුමා, මහබැංකු අධිපතිතුමාගේ සහ රජයේ වගකීම විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය .

රෂිකා හෙන්නායක
2022.12. 06

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...