ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා – දිලිත් (VIDEO)

Date:

ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි විද්‍යාත්මක සහ තාර්කික වැඩපිළිවෙලක් ජනතාව හමුවට ඉදිරිපත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

“මං හිතන්නෙ නෑ මේ දේශපාලන ආගමනය කවුරුත් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වුණා කියලා. ඔවුන් ඒ නිසා තමයි විවිධ විග්‍රහ දෙන්නෙ. මෙය මුක්කු ගහන පක්ෂයක් හැටියට හඳුන්වන්නෙ. එහෙම නැත්නම් ඡන්ද කඩන්න එන පක්ෂයක් හැටියට හඳුන්වන්නෙ. එහෙමත් නැත්නම් වෙනත් පක්ෂයක කොටසක් හැටියට හඳුන්වන්නෙ. එය එසේ වීමට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. අමාරුවෙන් ඉන්න ජනතාවට සතුටු දැයක් නිර්මාණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්කයි අපි එන්නේ. අපි මේ සතුටින් සිටිය යුතු රටක දුක් විඳින්නේ අපට වැඩපිළිවෙලක් නැති නිසාත්, ඒ වගේම මේ දූෂිත දේශපාලන ක්‍රමය නිසාත් බව අපි සියලු දෙනාම මතක තියාගන්න ඕනෙ. වැඩපිළිවෙලක් නැතිවෙලා තියෙන්නෙත් ඒ දූෂිත දේශපාලනයේ පැවැත්ම නිසා බව අපි මතක තියාගන්නට ඕනෙ. එනිසා මම විශ්වාස කරනවා අපේ මේ තාර්කික වැඩපිළිවෙල තුළ ව්‍යවසායකත්වය මතු කරමින් දුගීම දුගී ඉතාම අමාරු ආර්ථික ප්‍රශ්නවලින් පෙළෙන ඒ අවසාන කුටුම්භයටත් අවසාන ගෙදරටත් අපට අවශ්‍යයයි ව්‍යවසායකත්වය ගෙනයන්නට. අපි සංඛ්‍යා දත්ත, සමීක්ෂණ පක්ෂයක්. ඉතින් ඒ නිසා මේවා හරියට බලලා, කොහොමද කරන්නෙ කියලා අපි ඔබවෙත ගෙන එනවා ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙලක්. ඔබගේ අර කාර් එක ගන්න, ඔබට ගෙයක් හදාගන්න, ඔබට හොඳ විවාහයක් කරගන්නට, මේ තාරුණ්‍යයට සතුටින් ඉන්නට අවස්ථාවක් ලබාදෙන්නට හැකි රටක් අපි වහවහා නිර්මාණය කරනවා. එය නිකම් පුහු පොරොන්දුවක් නෙවෙයි, අපි එය විද්‍යාත්මකව හා තාර්කිකව ඔබට කියනවා”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ පසුගියදා (04) කළුතරදී පැවති මව්බිම ජනතා පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...