*
Friday, May 3, 2024
spot_img

Latest Posts

IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි

[කොළඹ, ශ්‍රී ලංකාව, ] ඩුබායි හි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම දැනුම් දෙනුයේ මහත් උද්යෝගයෙනි. මෙම ව්‍යාප්තිය IMM Consult හි තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනුයේ  එය සංක්‍රමණ උපදේශන සේවා ක්ෂේත්‍රයේ අඛණ්ඩව ඵලදායි ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින නිසාවෙනි.

Shameer Nizar මහතා සහ Ghulam Madni මහතා විසින් ඩුබායි හි ප්‍රතිස්ථාපනය කරන ලද, IMM Consult සංක්‍රමණ උපදේශන සේවාව විශිෂ්ටත්වය සඳහා කැපවීම නිරූපණය කරමින්, ඉතා ශීඝ්‍රයෙන් විශ්වාසනීය නාමයක් බවට පත් ව, සංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳ සොයන්නා වූ පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීමේ මෙහෙවරක යෙදේ. මේ වන විටත් සමාගම ශක්තිමත් ස්ථාවර පැවැත්මක් ස්ථාපිත කර ගෙන ඇති අතර මෙම නව කොළඹ කාර්යාලය විවෘත කිරීම ගනුදෙනුකරුවන්ට විශිෂ්ඨ සේවාවක් ලබාදීම සඳහා  වූ එහි කැපවීම ශක්තිමත් කරනු ලබයි.

කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය යන ප්‍රමුඛ පෙලේ රටවල් 5 ( 5 Eyes countries ) සඳහා විශිෂ්ඨ සංක්‍රමණ සේවාවක් සපයමින් IMM Consult අනන්‍යතාවය පවත්වා ගනිමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම කැපී පෙනෙන කාරණකි. ඉතා ඉහළ ඉල්ලුමක් සහිත මෙම ගමනාන්ත සඳහා වන සංක්‍රමණ ක්‍රියාවලිය හැසිරවීමට සමාගම සතු ගැඹුරු දැනුම සහ ප්‍රවීණත්වය හේතු කොටගෙන ඔවුන්ගේ සේවාව ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සේවාවක් ව තිබේ.

IMM Consult, එහි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය ගැන ආඩම්බර වන අතර ම, එහි ගනුදෙනුකරුවන්ගේ අනන්‍ය වූ අවශ්‍යතා සහ තත්වයන්ට ගැලපෙන පරිදි සකසන ලද විසඳුම් ලබා දෙයි.  මනා පළපුරුද්දෙන් යුුතු සංක්‍රමණ උපදේශකයින් සහ නීති නිලධාරීන් කණ්ඩායමක් සමඟින්, සංක්‍රමණ කාර්යය මුුලුල්ලේ  සමාගම වෙන් වෙන්ව පුද්ගල අවධානය සහ නිරවද්‍ය මග පෙන්වීම සහතික කරයි.

IMM Consult හි සම-නිර්මාතෘ සහ උපදේශක Shameer Nizar පවසන ලද්දේ, IMM Consult හි ප්‍රවීණතාවය ශ්‍රී ලංකාවේ කොළඹට ගෙන ඒම පිළිබද සතුටු වන බවත්,  පුද්ගලයන් සහ පවුල් සඳහා වූ සංක්‍රමණ ක්‍රියාවලිය වඩාත් සුමට කිරීමට ඔවුන් දායක වන හෙයින් සූවිශේෂී මෙන් ම පුද්ගල මට්ටමෙන් වූ සේවාවක් සඳහා ඔවුන්ගේ කැපවීම නොසැලී පවතින බවත් ය.  

IMM Consult හි සම-නිර්මාතෘ සහ උපදේශක, Ghulam Madni ප්‍රකාශ කරන ලද්දේ ඔවුන්ගේ නව කොළඹ කාර්යාල විවෘත කිරීම තුළින් සිය ගමන් මග උපායමාර්ගිකව පුළුල් කිරීමේ සිය දැක්ම පිළිබිඹු කරන බවත්, 5 Eyes රටවල් සඳහා වන ඔවුන්ගේ විශේෂිත වූ සේවාව ලබා දීම තුළින් ශ්‍රී ලාංකිය ගනුදෙනුකරුවන්ගේ සංක්‍රමණ කාර්යයට දායක වීමට ඔවුන් ආශාවෙන් බලා සිටින බවත් ය. 

ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි නව ශාඛාව, 5 Eyes රටවල් වෙත සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ පවුල්වලට විස්තීර්ණ සංක්‍රමණ උපදේශන සේවා ලබා දෙමින්, කලාපය තුළ IMM Consult උපදේශකයන්ගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරනු ඇත.  ලොව පුරා සිටින ගනුදෙනුකරුවන් සඳහා සංක්‍රමණ ක්‍රියාවලිය වඩාත් සුමට, කාර්යක්ෂම සහ ආතතියෙන් තොර බවට පත්කිරීමේ සමාගමේ දැක්ම සමඟ මෙම ව්‍යාප්තිය එක්ව පෙළ ගැසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan