නුවන් තුෂාරගෙන් අබුඩාබියේදී විශිෂ්ඨ පන්දු යැවිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අබුඩාබි හී දී පැවත්වෙන ටී 10 තරගාවලියේ ඊයෙ පැවති තරගයකදී අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නදර්න් වොරියස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 12 බිද දමන්නට සමත් වුණා.සිය පන්දු ඕවර් 2 තුළ මනා පාලනයකින් පන්දු යවමින් සිටි නුවන් ඊයෙ තරගයට එන විට තරග 4 දී බිඳ දමා තිබූ කඩුලු 6 ක ප්‍රමාණය මේ පන්දු යැවීමත් සමඟ කඩුලු 10 ක් දක්වා වැඩි කර ගැනීමට සමත් වෙනවා.


නුවන් ගේ මෙම දක්ෂතාවයට සාපේක්ෂව ඊයෙ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ටීම් අබුඩාබි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මේ දක්වා කඩුලු 9 ක් දවා ගෙන තරගාවලියේ ඉදිරියෙන්ම සිටි පන්දු යවන්නා වූ චාමික කරුණාරත්නට කඩුලු ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔහු දෙවන තැනට ඇද දමමින් තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගන්නටත් නුවන් තුෂාරට හැකි වෙනවා.නුවන් ඊයෙ නදර්න් වොරියස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 12 ට දවා ගැනීම ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ සාධකය බවට සළකා එම තරගයේ වීරයා හැටියට නම් කළේද නුවන් තුෂාර යි.
නුවන්ගේ පන්දු යැවීම සටහන් වූ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.


https://www.espncricinfo.com/series/abu-dhabi-t10-2023-24-1410670/deccan-gladiators-vs-northern-warriors-21st-match-1410691/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...