*
Monday, January 13, 2025
spot_img

Latest Posts

ශම්මි ආසියාවේ මහ පුටුවට

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 07 ,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා නිල වශයෙන් ACC සභාපති ධුරයට පත්ව ඇත.වසර ගණනාවක් ACC මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා, තම අලුත් වගකීමේ වැඩ භාර ගනිමින් ප්‍රකාශ කළේ,එම පත්වීම සම්බන්ධයෙන් සහය දැක්වූ සැමට සිය කෘතඥතාවය පුද කරන බවයි.

“ආසියානු ක් රිකට් කවුන්සිලයේ නායකත්වය පැවරීම මහත් ගෞරවයක්”. බව පැවසූ ශම්මි සිල්වා,ක්‍රිකට් යනු ආසියාවේ හදගැස්ම බවත්,ක්‍රිකට් දියුණු කිරීමට සඳහා නැගී එන දක්ෂතා සඳහා අවස්ථා ලබා දීමටත් මෙම සුන්දර ක්‍රීඩාව හරහා ඇති කිරීමට සහ සියලු සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් පැවසීය

ACC ආයතනය වෙනුවෙන් සභාපති ජෙය ශා වෙනුවෙන් ඔහුගේ ආදර්ශමත් නායකත්වය පවත්වා ගෙන යාමට, ඔහුගේ ධුර කාලය තුළ සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට කටයුතු කළේය. ජෙය ෂාගේ පාලනය යටතේ, ACC විසින් 2024-31 සඳහා ACC ආසියානු කුසලාන තරගාවලිවල වාණිජ අයිතිවාසිකම් සඳහා ඉහළම වටිනාකමක් ලබා ගැනීම, නව මාර්ග සිදුවීම් ව් යුහයක් හඳුන්වාදීම සහ එහි සාමාජික රටවල් තුළ ක්‍රකට් අඛණ්ඩව සංවර්ධනය හා වර්ධනය ඇතුළු කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලබා ගත්තේය.

ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවට තීරණාත්මක මොහොතක ශම්මි සිල්වා සභාපති ධුරය භාර ගැනීමෙන් ඉනික්බිති ක්‍රීඩාව සඳහා ඔහු තණතීරු ඇති කිරීම වැඩි කිරීමට සහ සංවර්ධනයට ප්‍රමුඛතාවය දී නැගී එන ක්‍රිකට් රටවල්වලට ගෝලීය වේදිකාව තුළ විශිෂ්ටත්වය ලබා ගැනීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට ධනවත්ම සහ පරිත්‍යාගශීලීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය මෙහෙයව ශම්මි සිල්වා ක්‍රීඩාශිලීව බොහෝ ක්‍රීඩාවන්ගේ අනාගත සහ කාලීන අවශ්‍යයතා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හී දායකත්වය ලබා දීම සඳහා අවධානය යොමු කරන්නට හේතු වන්නේ ක්‍රිකට් හී ඇති මූල්‍යමය පොහොසත්කම නිසාම නොවේය.ඔහු විශිෂ්ඨ මලල ක්‍රීඩකයෙක් මෙන්ම ස්කොෂ් ක්‍රිඩකයෙක් ලෙස කීර්තිමත් ඉතිහාසයක් ඇති සෑම තරාතිරකම මිනිසුන් සමඟ කුඩා කළ සිටම වැඩ කර ඇති හුරුව නිසාය.
බොහෝ විට අප විසින් ඒ ආකාරයට පෙන්වා දෙමින් ශම්මි සිල්වාගේ අවධානයට ලක් කළ ලෝකයේ ප්‍රධාන පෙළේ හෙල්ල වීසි කරන්නන් හා සීමප මට්ටමක සිටින රුමේෂ් තරංග වැනි 21 හැවිරිදි ක්‍රීඩකයෙකුගේ හෙට දවසට ද ක්‍රිකට්වලට අමතරව,ශම්මි සිල්වාගේ අවධානය යොමු වුවහොත්,බොහෝ විට 2028 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ආශිර්වාදයෙන් ලෝක ක්‍රිකට් කුසලානයක් නොව ඔලිම්පිත් පදක්කමක් ද මෙරටට ගෙනෙන වසරක් ලෙස ඉතිහාසයට එකතු වීමට ඉඩ ඇත.


බොහෝ ක්‍රීඩා කර ඇති,ප්‍රායෝගිකව ඒ සම්බන්ධ අත්දැකීම් ඇති අයෙකු ලෙස මෑත ඉතිහාසය තුළ රටේ සරණක් නැති ඇතැම් ප්‍රජා කොටස්ද,විවධ ක්‍රීඩාද නඟා සිටුවීමට සහ පවත්වා ගැනීමට ශම්මි සිල්වාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළ මෙහෙවරද අතිශයින් ගෞරවණිය වැදගත් ක්‍රියාවලියක් බව කිව යුතුය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan