කතරගම දේවාලයෙන් කතරගම රෝහලට ලැබෙන නවීන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් ඉදිරියට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ අනුග්‍රහයෙන් කතරගම දිස්ත්‍රික් රෝහලට පරිත්‍යාග කෙරෙන නවීන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට කඩිනමින් සිදුකෙරෙමින් පවතී.

දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාගේ අදහසක් අනුව මෙම වාට්ටු සංකීර්ණය ඉදිකෙරෙන අතර ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 15 කි.

මෙම නවීන වාට්ටු සංකීර්ණයේ ඇඳන් ධාරිතාවය 47ක් වන අතර කතරගම දිස්ත්‍රික් රෝහලේ දැනට ඇති සමස්ත ඇඳන් සංඛ්‍යාවම 57 කි.

ඒ අනුව මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමෙන් අනතුරුව කතරගම දිස්ත්‍රික් රෝහලේ අනෙකුත් අඩුපාඩු ද පුරවමින් එම රෝහල සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීම සඳහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා මේ වනවිට සැලසුම් කරමින් සිටින අතර රුපියල් මිලියන 50ක පමණ මුදලකින් ඒ සියලු කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ සියලුම මුදල් කතරම දෙවියන් කෙරෙහි බැතියෙන් යුතුව ජනතාව විසින් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පරිත්‍යාග කරන ලද මුදල් වේ.

කතරගම දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා අද (දෙසැම්බර් 07) උදෑසනත් මෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළේය.

මීට පෙර කතරගම දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් යුතුව මහරගම අපේක්ෂා රෝහලට මහල් හතරකින් සමන්විත නවීන වාට්ටු සංකීර්ණයක් පරිත්‍යාග කෙරුණු අතර ඒ සඳහා දේවාලයෙන් වැය කෙරුණු මුදල රුපියල් මිලියන 160 කට අධික ය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...