ට්‍රම්ප් අපකීර්තිය සහ විෂමාචාර චෝදනා නොතකා සිය ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පීට් හෙග්සෙත්ට සහය දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලිංගික අපචාර සහ අධික ලෙස මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් පීට් හෙග්සෙත්ට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක ලේකම් වරයා වශයෙන් පීට් හෙග්සෙත් තොර පත්කර ඇති බව වාර්තා වේ.

පසුගිය මාසයේ ට්‍රම්ප් නම් කළ දා සිට මතභේදයට ලක්ව සිටින පීට් හෙග්සෙත්ට එරෙහිව විෂමාචාර චෝදනාවන් හා ඔහුට එරෙහිව එල්ලව ඇති අපකිරිතිය සම්බන්ධයෙන් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඔහු අතිවිශිෂ්ට බවත්, ආරක්‍ෂක ලේකම්වරයෙක්, දක්ෂතාවයෙන් නායකත්වය දෙන අයෙක් වනු ඇති බවත්, පීට් ජයග්‍රාහකයෙකු වන හෙයින් එය වෙනස් කිරීමට කළ හැකි කිසිවක් නැති බවත්ය.

ඊශ්‍රායලයේ දැඩි ආධාරකරුවෙකු වන හෙග්සෙත්, මිට පෙර ඇමරිකාව සඳහා Concerned Veterans කණ්ඩායමට නායකත්වය දුන් අතර, ඔහුට විධායක මට්ටමේ ජාතික ආරක්ෂක අත්දැකීමක් නොමැත.

කෙසේ නමුත් ට්‍රම්ප් විසින් මේ වන විට ඩොලර් බිලියන 850 ක වාර්ෂික අයවැයක් සමඟින් ලෝකයේ බලවත්ම හමුදාව අධීක්‍ෂණය කරමින් පෙන්ටගනයේ ඉහළම සිවිල් අධිකාරියේ ඉහළට නම් කිරීම කාගේත් කතාබහට ලක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...