හාල්, පොල් වලට පසු ලුණුත් හිඟවෙන ලකුණු ?

Date:

ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා විසින් ඊයේ (දෙසැම්බර් 06) දිනයේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට හේතු වී ඇත්තේ පසුගිය සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයට විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා පුත්තලමේ ලුණු ලේවායන්හි ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමත් මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩබෑමේදී ඇතිවන අධික දුහුවිල්ල හම්බන්තොට ලුණු ලේවායට ගසාගෙන ඒම නිසා ඇති වන ගැටලුත් ය.

මේ වනවිටත් දිවයින පුරා සහල් හිඟයක් සහ පොල් හිඟයක් පවතින අතර ඒවායේ මිල ද විශාල වශයෙන් ඉහළ යමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසරේ විභාගයන් ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ඉදිරි 2026 වර්ෂයේදී...

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...