හාල්, පොල් වලට පසු ලුණුත් හිඟවෙන ලකුණු ?

Date:

ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීමේ තත්වයක් උද්ගතව ඇති බැවින් ලුණු ආනයනය කිරීමට පියවර ගත යුතු බව ලංකා සතොස ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා විසින් ඊයේ (දෙසැම්බර් 06) දිනයේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට හේතු වී ඇත්තේ පසුගිය සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයට විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා පුත්තලමේ ලුණු ලේවායන්හි ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමත් මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩබෑමේදී ඇතිවන අධික දුහුවිල්ල හම්බන්තොට ලුණු ලේවායට ගසාගෙන ඒම නිසා ඇති වන ගැටලුත් ය.

මේ වනවිටත් දිවයින පුරා සහල් හිඟයක් සහ පොල් හිඟයක් පවතින අතර ඒවායේ මිල ද විශාල වශයෙන් ඉහළ යමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...