රෙහාන්ගෙන් පරිණත පිරුණු ඉණිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 07 ,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවත්වෙන තෙදින තරගයේ දී රෙහාන් පීරිස් පරිපූර්ණ ශතකයක් සමඟ නොදැවී කඩුල්ලේ රැඳෙමින් පළමු දිනය නිමා වන විට කඩුලු 7 ට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 286 දක්වා ඔසවා තබන්නට සමත් වුණා.කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන රෙහාන් 1999 දී හ්‍රී ලංකාවේ පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී හොඳම පන්දු රකින්නා ලෙස සම්මානනීය වූ රෂාන් පීරිස්ගේ පුතු මෙන්ම ඔහු යටතේ පුහුණුව ලැබීම ද විශේෂ කාරණයක් ලෙස දැක්විය හැකියි.


ඉණිම ආරම්භ කරමින් පිටියට පිවිසි රෙහාන් ලකුණු 286 න් ලකුණු 139 ක ම හිමිකරු වෙමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටින අතර ඔහු මේ ආකාරයට ශ්‍රී ලංකා ඉණිම පෙරට කැඳවා ගෙන ඒමේදී දෙවන කඩුල්ලට ශ්‍රී ලංකා කණ්ඩායමට කුරුණැගල මලියදේව කණ්ඩායමෙන් එකතු වූ රජිත් නවෝද්‍ය (48) සමඟ පැවත් වූ ලකුණු 94 ක සබඳතාවය කැපී පෙණුනා.රජිත් තරමක් ප්‍රහාරාත්මක ගුණයක් පෙන්නුම් කරමින් රැස් කළ ලකුණු 48 සදහා හතරේ පහර පහක් සමඟ හයේ පහර දෙකක්ද එක් කරන්නට සමත් වුණා.රෙහාන්ගේ ලකුණු 139 සඳහා හතරේ පහර 18 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වූ අතර මුළු දිනය පුරා කඩුල්ලේ සිටිමින් ඔහු පෙන් වූ පරිණත බව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට රෙහාන්ගේ වටිනාකම පිළිබඳ ලබා දුන් සහතිකයක් වුණා.


බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන අෂානුල් හක් මහිම් ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව කැපී පෙණුන බංගලාදේශ පන්දු යවන්නා බවට පත් වුණා.දිනයේ චිතය බවට පත් වූ රෙහාන්ගේ ඉණිමේ විශේෂ අවස්ථා සමඟ ඔහු සහ රජිත්ගේ සබඳතාවය ගොඩ නැඟෙමින් තිබෙන මොහොතද මේ සමඟ වන ඡායාරූප අතරට එක් කර තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...