වැරදුණු පාතාල කුරුමානම!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ (LNW):

පෙරේදා (5) රාත්‍රියේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බව තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය කියයි.

පුල්මුඩේ කඳවුරට අනියුක්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී ඇත .

සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්යයේ සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයන් දෙදෙනෙකු බව සඳහන් වන අතර, ඔවුන් කිරිඉබ්බන්වැව, වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත.

එහිදී මෙම ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන 3ක් සදහා භාවිතා කළ T56 ගිනි අවිය හා එහි පතුරම් ගැබ සහ උණ්ඩ 08ක්, විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් හා එහි උණ්ඩ 04ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 61 සහ හෙරොයින් ග්‍රෑම් 105ක් විශේෂ කාර්ය බලකා නිලධාරින් සිය භාරයට ගෙන ඇති අතර, ඉහත ඝාතන අතරින් ඒ ඝාතනක් සිදුකර ඇත්තේ ඩුබායිහි සැගව සිටින වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත් වූ තැනැත්තෙකු ඝාතනය කිරීම සඳහා බවද තොරතුරු වාර්තා වන බව පොලිසිය කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...