කෝපා සභාපති විපක්ෂයට වෙන්වෙද්දි කෝප් සභාපති ආණ්ඩුවෙන්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කමිටු දෙකක් වන කෝප් සහ කෝපා සහ කමිටුවල සභාපති ධූර පත් කිරීම සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක මහතා අදහස් දක්වා තිබේ.

ඒ අනුව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට නියමිතයි.

මේ අතර කෝප් කමිටුවේ සභාපති ධූරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට නියමිත බවයි බිමල් රත්නායක මහතා පවසන්නේ. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ කෝප් කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතව ඇත්තේ පසුගිය රජයේ කටයුතු පිළිබදව වන හෙයින් එහිදී පසුගිය රජයේ චෝදනා එල්ල වූ අයෙකු එම කමිටුවේ සභාපති අසුනේ අසුන් ගැන්වීම කළ නොහැකි වීමයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...