අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට සහ අවස්ථාවට නොගැලපෙන වත්තෙ මහත්තයා ඇඳුමක් ඇඳන් තමන්ගෙම මිනිස්සු අතරට යෑමේ මනෝවිශ්ලේශන යථාර්ථය ගැනය..
රවි උපත ලබන්නේද, ලෝකය දකින්නේද වතුකම්කරු පවුලක කම්කරු දරුවෙකු ලෙස ලයිම් කාමර පරිශ්‍රයකය..
මෙහිදී කුඩා කලදී ඔහුගේ ලෝකයේ ලොකුම ආශා ෆැන්ටසිය වන්නේ වත්තෙ මහත්තයා භූමිකාවය.. ඉෂ්ඨ සිද්ද නොවූ මිනිස් ආශාවන් මුලු ජීවිතකාලය පුරාම හොල්මනක් සේ තමන්ටත් නොදැනීමම තමාගේම පසුපසින් පැමිණීම මිනිස් මනසේ අඳුරු ගතිකයකි..
නොගැලපෙන ඇඳුමකින් සැරසි, නොගැලපෙන මොහොතක තමුන්ගේම මිනිසුන් අතරට ඔහු ප්‍රාදූර්භූත වීම තුලින් ඔහුගෙන් පොලා පැන්නේ ඉෂඨ සිද්ද නොවූ ඔහුගේ “වත්තෙ මහත්තයා” ළමා ආශා ෆැන්ටසියයි.
කැබිනට් ඇමතිකෙනෙක් යනු වත්තෙ මහත්තයා භූමිකාවට ගවු ගනනක් ඉහලින් තියෙන තනතුරකි.. නමුත් රවීගේ අවිඥානයේ ළමා ආශා වස්තුව වන්නෙ වත්තෙ මහත්තයා චරිතය මිස කැබිනට් ඇමතිකම නොවේ.. තවත් විදියකින් කියන්නේ නම් වත්තෙ මහත්තයා නැමති වතුකරේ ෆැන්ටසි ළමා ආත්මයක සිරව සිටින රවීට කැබිනට් ඇමතිකම ලොකු වැඩිය..
රවීගෙ පමණක් නොව අපගේ මාළිමා ඇමති සහෝදරවරු බහුතරයක චෛතිසික යථාර්ථය පූර්ව ළමා ඇරියස්වලින් පිරීපවතී..
යුද්ධ ටැංකිවල මුදුනේ නැගී ගමන්කිරීම, ගංවතුර අස්සෙ චිත්‍රපට නළුවන් සේ අබිනය පෙන්වමින් චායාරූප වලට පෙනී සිටීම, යනාදිය ද ළමා කල නොවිසඳුනු අර්බූදයන්ගේ වර්තමාන රෝගකාරකයන් ය..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
