ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් අවතැන් ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, මියන්මාර රජයේ දූත පිරිසක් සමග ආධාර රැගත් එරට ගුවන් හමුදාවේ (Y-8) ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම ආධාර යටතේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අඩංගු වන අතර, මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර් තානාපතිනි, මාර්ලා තාන් ටයික් (Mrs. Marlar Than Htaik) මැතිනිය, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් zසෝ ෆියෝ වින් (Mr. Zaw Phyo Win) මහතා ඇතුළු එරට රජයෙ නියෝජිතයින් පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.

මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...