ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් අවතැන් ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, මියන්මාර රජයේ දූත පිරිසක් සමග ආධාර රැගත් එරට ගුවන් හමුදාවේ (Y-8) ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම ආධාර යටතේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අඩංගු වන අතර, මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර් තානාපතිනි, මාර්ලා තාන් ටයික් (Mrs. Marlar Than Htaik) මැතිනිය, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් zසෝ ෆියෝ වින් (Mr. Zaw Phyo Win) මහතා ඇතුළු එරට රජයෙ නියෝජිතයින් පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.

මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...