*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

ජැෆ්නා සහ කැන්ඩි ජයග්‍රහණ අතරට

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භය ඊයේ සටහන් වූ අතර එහිදී පැවති තරග දෙකෙන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත් කර ගැනීමට සමත් විය.තරග දෙකේදීම කාසියේ වාසිය ලබාගෙන මුලින්ම පන්දු රැකීම යෝග්‍ය බව තීරණය කළ කණ්ඩායම් පරාජයට පත්වීම කැපී පෙණින.ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමඟ තරගයේ කාසියේ වාසිය ලැබ දෙවනුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 24 ක පරාජයක් හිමි විය.කාසියේ වාසිය ලබා පන්දු රැකීමට තීරණය කළ කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට,කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙතින් හිමි වූයේ ලකුණු 109 ක දැවන්ත පරාජයක්ය.
පසුගිය තරගාවලි ද්විත්වයේදීම ශූරතාව දිනාගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ තරගාවලියේදී ද ආරම්භය සටහන් කළේ ජයග්‍රහණයකින්ය.පන්දුවට පහරදීමේදී ලකුණු 137 ට සීමා වුව ද,කුසල් මෙණ්ඩිස් ට සහය දීමට පිතිකරුවෙක් සොයාගත නොහැකි වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 113 ට සීමා කර ගන්නට ජැෆ්නා කින්ග්ස් ක්‍රීඩකයන්ට හැකි විය.අටවන ඕවරය වන විට කුසල් මෙණ්ඩිස් නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක්ව හොඳ ආරම්භයක් සටහන් කරමින් ලකුණු පූවරුව කිසිවෙක් නොදැවී ලකුණු 58 ක් දක්වා ඉහළට ගෙනවිත් තිබිණ.නමුත් නුවනිඳු ලකුණු 15 ට දැවී ගිය පසු තරගය සම්පූර්ණයෙන්ම කණපිට ගැසිණි.කුසල් හයවන කඩුල්ල ලෙස දැවී ගිය අතර එතෙක් ඔහුගේ ඉණිමට සහය දෙන්නට කිසිඳු පිතිකරුවෙක් උත්සාහ නොකළ අතර කඩුලු දමා ගසා පිටව ගියේය.කුසල් මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කරමින් සටන්කාමී සහ හුදෙකලා ලකුණු 51 ක් රැස් කරන්නට සමත් විය.නුවනිඳු හැරෙන්නට ඉලක්කම් දෙකක ලකුණු ප්‍රමාණයක් ලබා කුසල්ගේ උත්සාහයට යම් සුළු තල්ලුවක් දෙන්නට සමත් වූයේ ඉමාද් වසීම් පමණි.ඔහු ලකුණු 17 ක් ලබා ගත්තේය.
ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන විට ෂොහිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 බැඟීන් ලබා ගත්තේය.ඒ අතරින් වඩාත් වේගවත් වූ දුනිත් පන්දු 20 දී එම ලකුණු 30 ලැබූ අතර ධනංජය ද සිල්වා පන්දු 19 දී ලකුණු 29 ක් ලබා ගෙන තිබිණ. ඒ ජැෆ්නා ඉණිමේ දකින්නට ලැබුණු හයේ පහරවල් දෙකම තමන්ගේ නමට ලියා ගනිමින්ය.සියල්ලම දැවී ගිය ජැෆ්නා කණ්ඩායමේ කඩුලු 10 වහාබ් රියාස්,ඉමාද් වසීම්,නුවන් තුෂාර,නුවන් ප්‍රදීප් සහ ඉෆ්තිකාර් අහමඩ් විසින් කඩුලු දෙක බැඟීන් බෙදා ගෙන තිබිණ.ඒ අතරින් වහාබ් සහ ඉමාද් පන්දු ඕවර් 4 ම යවමින් ජැෆ්නා කණ්ඩායමට පිළිවෙලින් ලකුණු 23 සහ 22 ක් පමණක් ලබා දීම කැපී පෙණින.ඉෆ්තිකාර් විසින් යවන්නට යෙදුණ ඕවරයේ ලකුණු 8 ක් ලබා දෙමින් කඩුලු දෙකක්ම ලබා ගනිමින් කැපී පෙණින.
ග්ලැඩියේටර් ගමනට තිරිංග යෙදීමට සමත් වූයේ ඔවුන්ගේ දඟ පන්දු බල ඇණිය ය.විශේෂයෙන් විජයකාන්ත් වියස්කාන්ත් සහ දුනිත් වෙල්ලාලගේ කැඳවීමත් සමඟ ග්ලැඩ්යේටර්ස් කණ්ඩායම ලකුණු එකත් කර ගැනීමේ විශාල අර්බූදයකට මුහුණ දුන්නේය.විජයකාන්ත් ලකුණු 20 කඩුලු 2 ක් ලබා ගත් අතර දුනිත්ට එක් කඩුල්ලක් හිමි වූයේ ලකුණු 14 ක් ලබා සිටියදී ය.බිනුර ලකුණු 22 ට කඩුලු 3 ක් ලබා ගත්තේ ග්ලැඩියේටර් පිළේ අග කොටසෙන්ය.පන්දුවෙන් සහ පිත්තෙන්ද දක්ෂතා දක්වමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සතු අනන්‍යතාවය පෙන්නූ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා විය.
කළම්ඹු ස්ටාර්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් එකතු කරන ලද ලකුණු ප්‍රමාණය 156 ක් විය.පන්දු ඕවර් 15.4 දි වාර්තා වූ එම ලකුණු ප්‍රමාණයෙන් 71 ක් එකතු කරගෙන සිටි පැතුම් නිශ්ශංක පමණක් දවා ගන්නට ස්ටාර්ස් ක්‍රීඩකයන්ට හැකි වූ අතර,පැතුම් සමඟ ඉණිම ඇරඹූ අන්ද්‍රේ ෆ්ලෙචර් ෆැල්කන්ස් ඉණිම නිම වෙද්දී නොදැවී ලකුණු 101 ක් රැස් කර තිබිණ.කාලෝස් බ්රෙත්වයිට් නොදැවී ලකුණු 20 ක් එකතු කරගෙන තිබිණ.දැවී ගගිය එකම කඩුල්ලේ හිමිකරු වූයේ සීකුගේ ප්‍රසන්නය.
පිළිතුරු ඉණිමේ දී ආරම්භක කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 5 ට දුවද්දී දැවී ගියේ වනිඳු හසරංගගේ දක්ෂ පන්දු රැකීම හමුවේය.දැවන්ත ලකුණු පූවරුවකට එරෙහිව නැඟෙන්නට උත්සාහ කරන මොහොතක එවන් පීඩනයක් දරා ගැනීම වඩාත් අපහසු කරන දැවී යාමකින් පසුව දික්වැල්ල සමඟ ඉණිම ඇරඹු මැතිව්ස් එකතු කළ ලකුණු 26 කළම්ඹු ස්ටාර්ස් පිළේ පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය විය.කීමෝ පෝල් අවසාන භාගයේ වේගවත් ලකුණු 22 ක් රැස් කරත් වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක්ද සමඟින් ලකුණු 14 ට දවා ගත් කඩුලු 4 නිසා කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට හිස ඔසවන්නට හෝ අවස්ථාවක් නොලැබිණි.අවසානයේ පන්දු ඕවර් 14.3 ක් ගෙවෙන තැන ඔවුන්ගේ ලකුණු පූවරුව 90 තිබුණ අතර ඒ වන විට තවත් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කරන්නට පිතිකරුවෝ නොවූහ.
තරගයේ වීරයා වූයේ අපූරු ශතකයක් එකතු කරමින් පන්දු 67 න් ලකුණු 101 ක් ලැබූ අන්ද්‍රේ ෆ්ලෙචර්ය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan