*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

පදක්කම් වෙනුවට පාන්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ක්‍රීඩක ජයග්‍රහණයක වටිනාකම අන්තිමටම හින්දූ උළෙලක් සේ නිමාවට පත් වීය.කිසිඳු ජයග්‍රහණයකට පදක්කමි නොලැබිණි.ඒවා කරන්නට සල්ලි නැත.ඒ බලධාරීන්ගේ පිළිතුරය.නමුත් ක්‍රීඩාව මුල් කර ගනිමින් ක්‍රීඩා උළෙල කළ යුතුව තිබුණානම් ඇමති පිනවන රිසියෙන් එකතු කර සංදර්ශන අඩු කරන්නට තිබිණ.ක්‍රීඩාව වෙනුවෙන් අඩුම ගණනේ පදක්කමක් දෙන්නට මුදල් හොයා ගන්නට බැරි අමාත්‍යංශයක් නියෝජනය කරමින් ඇමති රොත්තකට පැමිණ ආඩම්බරෙන් අසුන් දැරීමට ඇති හැකියාව සිතද්දි ඒ ආත්ම ගෞරවයක් ඇති මිනිසුන්නම් වන්නට බැරිය.ලැජ්ජාවනම් තියෙන්නම බැරිය.
ඇමතිවරු පිනවීමටම සූදානම් නිලධාරි පංතියනම් එන්න එන්නම වැඩි වෙන පරණ අය ද පැමිණ අලුත් අයට බෝ කරන බවක් ද දකින්නට තිබිණ.ඇමතිවරු පිනවන්න තූර්ය වාදන කණ්ඩායම් පොකුරු පිටින ගෙන ඒම නවතා අත්‍යවශ්‍යය පදක්කම් ගැන හිතන්නට තිබිණ.අනේ අපි නාවට කමක් නැහැ,අවුරුදු ගාණකින් දුවන ළමයින්ට පදක්කමක් දෙන්න කියා ක්‍රීඩාව සහ දරුවන් ගැන හිතන ඇමතිවරු ගැන හිතීමත් විහිළුවක් බව ප්‍රේමජයන්ත ප්‍රමුඛ ඇමති නඩය යළි ඔප්පු කර පෙන්නුවේය.එසේම මුල් දවස් ටිකේ නිසි විවෙකයක් නොමැතිව දිවූ ක්‍රීඩා උළෙල අවසාන දිනයේ ගියේ ඉබි ගමණින්ය.ඒ ඇමතිවරුන්ට පෙනෙන්නට රැඟුම් පාන්නට අවශ්‍යය පුහුණුවට ඉඩ සකසමින්ය.
කාන්තා තුන් පිම්ම ඉසව්වක් ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක මහා හඬින් සංගීතය යොදාගෙන කරපු පෙර පුහුණුව නිසා රිද්මය සහිත පැනීමේ ඉසව්වකට එය කිසිසේත්ම නොගැලපිණි.සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් පවා අනන්තවත් දැක ඇති ආකාරයට පැනීමේ ඉසව්වකදී රිද්මයකට අත්පොළසන් නැඟීමසාමාන්‍යයෙන් සිඳුවන්නේය.ඒ පැනීම සඳහා අවශ්‍යය රිද්මය ලබා දීමටය.ක්‍රමයෙන් වැඩි වන ඒ රිද්මය පිම්ම සඳහා ලබා දෙන උපකාරය වෙනුවට තුන් පිම්ම ක්‍රීඩිකාවන්ට සිඳු වුණේ කන් වසාගෙන ඉසව්වට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් වෙහෙසෙන්නය.
පදක්කම් සඳහා මුදල් මදි වූයේ නම් දැන් වුව ඒ පදක්කම් තනන්නට අවශ්‍යය මුදල් ක්‍රීඩා උළෙලෙන් ඉතිරිව තිබෙන ඒවාගෙන් එකතු කරගෙන යා හැකිය.අප ලැබෙන තොරතුර පරිදි රුපියල් සියයක මුදලක් උදෑසන කිරි තේ එකට විනිසුරුවන් වෙනුවෙන් වෙන් කර තිබි ඇත.නමුත් විනිසුරුවන් 250 වෙනුවෙන්ම රුපියල් සියය ගණනේ දින පහකට එවිට වැයවෙන මුදල රුපියල් 500 ඒවා දෙසිය පනහක්ය.ඇමතිවරුන්ගේ තේ පැන් සංග්‍රහයේ වියදම කොතෙක්ද?ඔවුන් පිළිගැනීමට සූදානම් කරන ලද සංදර්ශනයේ සහ තූර්ය වාදන කණ්ඩායම්වලට වැය කළ මුදල කෙතරම් ද?දෙල්කද පොලේ මිනිසුන්ගේ හඬ තමන්ගේ දේශපාලන පැවත්මට භාවිතා කරපු අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පංතියේ දරුවෙක්ට සිය කුසලතාවය වෙනුවෙන් හිමි විය යුතු පදක්කමට වඩා තමා සහ ඇමතිවරු වෙනුවෙන් පැවත්වෙන සංදර්ශන සහ විශේෂ තේ පැන් සංග්‍රහ වටිනා බව විශ්වාස කරන්නේද?
රටේ ජනාධිපතිවරයා 80 දශකයේ මේ උළෙලේ ආරම්භයේම සිටි අයෙකි.අඩු ගණනේ ඔහුට ඇඳුමක් ඇඳගෙන මේ ක්‍රීඩා උළෙලට කරන විනාශය ඉවසා සිටිය හැකි ද?සුනිල් ජයවීර වැනි සෘජු නිලධෘරින් කෙළින් කරගෙන සිටි කොඳු අලුත් තරුණ නිලධාරීන් දහ අතේ කඩා දේශපාලකයන් ඉදිරියේ පාත් කරගෙන හැසිරෙන හැටි හිරිකිතය.ඇමතිවරුන්ට ගරු කරන හැටි හින ඔවුන් රාත්‍රියක කුඩා ෂොපිං කවරයක දැමූ හාල්මැස්සන් හොද්දක් සහ සම්බෝල ටිකක් සමඟ විනිසුරුවන්ට පාන් භාගයක් බෙදා ඇති බව අමාත්‍යවරයා දන්නවා ද?ඇත්තටම ඒ ගැන සොයන්නට අමාත්‍යවරුන්ට අදාළ නැත.තමන්ට කේක් නැතුව පාන් නොතිබිණිනම් ඔවුන්ට එය ප්‍රමාණවත්ය.නමුත් අත්දැකීම් ඇති අතිරේක ලේකම්වරයෙක් මැදිහත්ව එම තීරණය ගත් නිලධාරීන්ට බැන රාත්‍රී 11 ට පමණ බත් ලබා දෙද්දී සමහර කෙනෙක් බඩගින්න දරාගන්න බැරි තැන පාන් ඔබාගෙන තිබුණ අතර තව පිරිසක් බඩගින්නේම කෝපයෙන් දත් මිටි කමින් නින්දට වැටී තිබිණ.
එසේම අනුග්‍රාහකයන්ගෙන් මාරි සහ නූඩ්ලස් ගෙන බෙදා දෙනවාට වඩා වැදගත් වූයේ එම මුදල් එකතු කර පදක්කමක් දීමය.අනුග්‍රාහක නම ද ඒ පදක්කමේ කොටන්නට තිබිණ.කෙතරම් හොඳින් ක්‍රීඩා කර ද,කෙතරම් හොඳින් ඉගෙන විභාග සමත් වී රැකියාවන්ට ආවද තමන් කරන කාර්යයේදී ප්‍රමුඛතාවයන් පෙළගස්වා ගැනීම වෙනම චින්තනමය අභ්‍යාසයක්ය.අපි නොදන්න දේ නැතැයි සිතන උඩඟුකම බරපතලම හානියක් වන අතර ස්ර් මේ වියදම් නිසා ළමයින්ට පදක්කමක් දෙන්න බැහැ හැබැයි ස්ර්ල නැවත්තුවොත් ස්ර්ලව පිළිගන්න කරන වැඩ නවත්තලා අපිට ඒකෙන් පදක්කම්වලට ගාණක් ගන්න තිබුණා කියා මේ කිසිවෙක් ඇමතිවරුන්ට කියා නැති බව විශ්වාසය.
කෙසේ වුව දක්ෂතම ක්‍රීඩකයින්ට මුදල්ත්‍යාග ලබා දීම වැදගත්ය.එය අගය කරන්නට ද අපි පසුබට නොවන්නෙමු.මලල ක්‍රීඩාවේ දක්ෂතම ක්‍රීඩකයන් වන්නේ කොළොමිබියා සංචාරයේදි තම ඉසව්වලට සහබාගි වන්නට නොහැකි වූ තරුෂි කරුණාරත්න සහ නඳුන් බණ්ඩාරය.තරුෂිට එම ක්‍රීඩා උළෙලේදී පදක්කමක් ඇතැයි යම් විශ්වාසයක් තිබුණ මීටර් 800ඉසව්ව මඟ හැරෙන්නේය.නඳුන්ට මීටර් 110 කඩුලු ඉසව්ව මඟ ඇරෙන්නේය.ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අවංකවම මැදිහත් වෙමින් සැර ප්‍රකාශ කළත් ක්‍රීඩකයන්ට අහිමි වූ දේ හැරෙන්න වගකීම් පැහැරි හැරිය අයට ඇමතිවරයාටත් වඩා ඉහළ පිළිගැනීමක්,සම්බන්ධතාවයක් තිබුණ නිසා කිසිවක් වූයේ නැත.ඇත්ත එබඳුය.
ඒ අතරින් නඳුන් බණ්ඩාර උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට අමතරව හොඳම කෙටි දුර ධාවකයා සහ හොඳම කඩුලු මතින් දිවීමේ ධාවකයා ලෙස ද සම්මාන ත්‍රිත්වයක උරුමය ලැබුවේය.එසේම නඳුන් මීටර් 110 කඩුලු ඉසව්වේ මූලික තරගවලදී මෙන්ම අවසාන තරගයේදී ද නව වාර්තා පිහිටුවමින් එම ඉසව්වේ වාර්තාව දෙවරක් බිඳ හෙලන්නට සමත්වීම කැපී පෙණින.නව වාර්තා 24 ක් ලෙස සටහන් වුව ද නඳුන් එකම ඉසව්වේ වාර්තාව දෙවරක් අලුත් කිරිම යන කාරණය සැළකිල්ලට ගනිද්දී එම වාර්තා ප්‍රමාණය 25 ක් හැටියට සිතුවාද වැරදි නැත.
බාලක සමස්ත ශූරතාව හිමිකර ගත්තේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලය. (ලකුණු 81) බාලිකා ශූරතාව සුපුරුදු පරිදි මහනුවර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට (ලකුණු 122) හිමි විය. බාලක සමස්ත අනුශූරතාව මාතර රාහුල විදුහල (ලකුණු 73)ට ද බාලිකා අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 69)ට ද හිමි වූ අතර, බාලක තෙවැනි ස්ථානය කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලට සහ බාලිකා තෙවැනි ස්ථානය ගම්පහ සිරිකුරුස බාලිකා විදුහලට හිමි විය.
ඉතිහාසයේ මොන්ටිසෝරි සඳහා පවා වෙනම රාජ්‍ය ඇමතිකම් වෙන් කර අධ්‍යාපන අමාත්‍යංශය ඇමති තිප්පලක් කරපු යුගයක ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ට පදක්කමක් දීගන්න බැරි තරමට බංකොළොත් සහගත වීම ඇමතිවරු නඩත්තුවට වියදම් වැඩි නිසා වූවක් විය හැකිය.කෙසේ හෝ ඇමති පිරිවර ගෙලට පදක්කමක් නොවැටෙන උළෙලකට තේජමානව වැඩ,මහලොකු වැඩක් කර ආකාරයට කටමැත ද දොඩා නික්ම යාමනම් ගෙල ඉහළ ඇති හිස හිස්ම බව පෙන්වන්නක් බව අපේ හැඟීමය.අවසානයේ ජයග්‍රහකයන්ගේ පාළු කරවල් කියා පෑවේ මේ ක්‍රීඩා උළෙලේ කීර්තිමත් ඉතිහාසයට දේශපාලනඥයෝ ද,වත්මන් නිලධාරීන් ද හොඳටම කර ඇති බවය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan