කැසිනෝවලට බලපත්‍ර දෙනවා නම් නියාමන අධිකාරියක් ඕනෑ – හර්ෂ

කැසිනෝ ව්‍යාපාරයට තවත් බලපත්‍ර දෙන්නේ නම් නියාමන අධිකාරියක් ඇති කළ යුතු බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

එවැනි නියාමන අධිකාරියක් ඇති කිරීමට වසර දෙකක කාලයක් ඉල්ලා ඇති බවත් එය සාධාරණ නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම කැසිනෝ ව්‍යාපාර නියාමනය කරන පනත් කෙටුම්පතට අනුමැතිය දීම දෙවැනි වරටත් කල් දැමූ බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී හර්ෂ ද සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු කළා. අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිව්වා කැසිනෝ නියාමන අධිකාරිය පිහිටුවන්නේ කවදාද කියලා කියන්න කියලා. ඒ අය වසර දෙකක් ඉල්ලා තිබෙනවා. නියාමන අධිකාරියක් නැතිව කැසිනෝ බලපත්‍ර දීම නොකළ යුත්තක්. මෙරට කැසිනෝ පටන් අරගෙන මේ වන විට වසර දොළහක් වෙනවා. කැසිනෝ ආයතන හතක් තිබෙනවා. ඒ අතරින් බදු ගෙවන්නේ හතරක් පමණයි. බදු නොගෙවන කැසිනෝ ආයතන ක්‍රියාත්මක වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඒ විදිහට කරද්දි බදු ගහන්නත් බැහැ. තවත් බලපත්‍ර දෙන්නයි මේ පනත් කෙටුම්පත සම්මත කරන්න හදන්නේ. කැසිනෝ දෙනවා නම් දෙන්න. නමුත් නියාමනයක් අවශ්‍යයි. නියාමන ආයතනය පිහිටුවන්න වසර දෙකක් ඉල්ලන එක සාධාරණ නැහැ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...