ප්‍රියමාලිට සහාය දුන් බවට චෝදනා ලැබි ජානකීට ඇප..

Date:

◾ තවත් නඩු 2කට: 13 තෙක් රිමාන්ඩ්

මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ බව කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලිට මුදල් වංචා කිරීමට ආධාර අනුබල දීම, මුදල් සාවද්‍ය පරිහරණය කිරීම චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ක්‍රිෂ් කාල්ටන් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

සැකකාර ජානකී සිරිවර්ධනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කර ඇති අතර එක් නඩුවක් සඳහා ඇය මෙලෙස මුදාහරින ලද අතර අනෙක් නඩු සඳහා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් රුපියල් ලක්ෂ 800ක මුදලක් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් අනුව ගොනු කර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මඬුල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇය මුදාහරින ලෙස නියෝග අතර තිබිණි. ප්‍රියමාලි වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

රුපියල් පනස්දහසක මුදල් ඇපයක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර සැකකාර ජානකී සිරිවර්ධනගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසත් නියෝග කළේය.

එමෙන්ම ඇප ලැබූ පසු සෑම මසකම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි ඉදිරිපත් කරමින් නියෝග කළ අතර ඇපකරුවන්ගේ පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි.

ඇය මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, විමර්ශන අවසන් වීම ඇතුළු කරුණු යටතේ නීතිඥ දසුන් නාගස්හේන මහතා ඇතුළු නීතිඥ මඬුල්ල ඇප ඉල්ලීම කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...