රටේ ආර්ථිකය කඩා වැටෙද්දී සිගරට් කොම්පැණිය බිලියන ගණනින් ලාභ ඉපයූ හැටි මෙන්න! (VIDEO)

Date:

රටේ ආර්ථිකය කඩා වැටී තිබියදී බ්‍රිටිෂ් ඇමරිකන් ටෝබැකෝ සමාගම රජයට බදු ගෙවීමෙන් අනතුරුවත් බිලියන ගණනින් ලාභ ලබා ඇති නමුත් තවදුරටත් රජය බදු අයකරමින් සිටින්නේ සාමාන්‍ය ජනතාවගෙන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් මහතා පැවසුවේය.

ඒ, අද (07) ‘සර්ව ජන යුක්තිය” විසින් 2023 අයවැය වාර්තාව ගැන පැවති මාධ්‍ය හමුවේදීය.

2021 වසරේදී මෙම සමාගම රජයට බදු ගෙවීමෙන් අනතුරුවත් රු. බිලියන 40ක පමණ ලාභයක් ලබා ඇති අතර 2022 වසරේදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එම ලාභය රු. බිලියන 50ක් දක්වා වැඩි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවැනි පසුබිමක සමාගමට ද ලාභයෙන් කොටසක් යන පරිදි බදු අයකිරීමක් කර රටේ දෛනික අවශ්‍යතා වෙනුවෙන් කොටසක් අයකරගත හැකි බවයි රාසමානික්කම් මහතා පෙන්වාදුන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...