ඉමියුනෝග්ලොබියුලින් ප්‍රශ්නය තාම විසඳී නෑ – රවී කුමුදේශ්

Date:

වෛද්‍ය සැපයුම් අංශයේ ඉමියුනෝග්ලොබියුලින් වලට අදාල ගබඩාව තවමත් වසා ඇති බවත්, අධි සංවේදී ඖෂධද අතරමග බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ පිළිබඳ ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කර සිටී.

ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් වලට අදාල සැපයුම්භාර නිලධාරියා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා මාසයකට වැඩියි. තවම ගබඩා අංක හයට අදාල සැපයුම් භාර ගැනීමට නිලධාරියෙකු පත් කර නැහැ.

එම ගබඩාවට අදාල ඉමියුනෝග්ලොබියුලින්, ප්‍රති සර්ප විශ එන්නත්, ඇල්බියුමින්, ඇනොක්සිපාරින් වැනි අති සංවේදී ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය වටේ යනවා. අනිවාර්‍ය ශීත දාම තුල කළමනාකරණය කලයුතු එවන් ඖෂධ එලෙස එහේ මෙහේ රස්තියාදු කරවීම ඖෂධයේ ගුණාතමක බවටත්, කාර්යක්ෂමතාවයටත් හානි කරයි. වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙක් පත් කලාට වෙනසක් නෑ. කඩිනමින් විසඳුම් අවශ්‍යයි.

වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක ප්‍රමාණයක් නැහැ. තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණයි.

ඒ අනූව අපිට ජනවාරිය පටන් ගන්න වෙන්නෙම ඖෂධ තුන්සියයක පමණ හිඟයක් එක්ක. ඖෂධ වර්ග 86ක් රෝහල් ගබඩාවල පවා නැහැ. මොකක්ද්ද මේ හිඟය නැති කරන්න නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ සැලැස්ම. කවදා වෙනකොටද හිඟ ඖෂධ ටික රෝගීන් වෙණුවෙන් ලබා දෙන්නේ. පුටු රත් කරන්න නිලධාරීන් පත් කරන්නේ නැතුව වහාම ඔවුනගේ වැඩ සැලැස්මක් ලබා ගන්න කියලා අපි සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලනවා. ඒ වැඩ පිළිවෙල රටට ඉදිරිපත් කරන්න. සෞඛ්‍ය සේවාව ගොඩ ගැනීම සඳහා ඉලක්කගත වැඩ පිළිවෙලක් එක්ක වැඩකරන නිලධාරීන් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ව පාලනය කරන එක රජයේ වගකීමක්

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...