*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

විදේශගත ශ්‍රමිකයින්ට දක්වන නොසැලකිල්ල ගැන ඇමති මනූෂගෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට චෝදනා!

කොළඹ LNW:විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

මෙම වාහන ගෙන්වීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා අවස්ථා තුනකදී දැනුම්දී ඇති නමුත් උපන්දා සිට මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් සඳහන් කළේ.

”විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගන්න අපි ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍රක්‍රමයක් හදුන්වාදුන්නා. එතනදි අපි දළ වශයෙන් විද්‍යුත් වාහන නවසීයකට ආසන්න සංඛ්‍යාවකට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් රට තුලට ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම ණයවර නිකුත් කිරීම දීර්ඝ කරන්න තියෙනවා. ඒත් ජනාධිපතිතුමා ඉල්ලීම් කරලත් මහා භාණ්ඩාගාරය තවමත් ප්‍රතිචාර දක්වලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙ කාලයෙත් මහා භාණ්ඩාගාරය ඇතුලේ හිටියෙ එකම නිලධාරීන් පිරිසක්. උපන්දා සිට මහා භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම ආචාර්ය කපිල සේනානායක කියන කෙනා. ඇත්තටම ඔය ආර්ථිකය වැටුනා කියන කාලයෙත් හිටියේ මේ අයමයි. ඒ අය තවමත් රටට අත්‍යාවශ්‍ය වෙලාවේ රටට ඩොලර් මිලියන ගණනක් ගෙනෙල්ලා තියෙන මිනිස්සුන්ට දීපු මේ ප්‍රතිලාභය විශේෂයෙන් මේ වාහනය ගෙන ඒමට අදාල ණයවර ලිපිය විවෘත කරන එකේ දිනය දීර්ඝ කිරීමට කල් අරගන්නවා.

අපි දන්නේ නැහැ මේ අයගේ දේශපාලන මත මොනවාද කියලා. අර රටට සල්ලි එවන්න එපා කියපු අය වගේම රට වට්ටන්න උවමනාවක් තියෙන අයද කියලත් ජනාධිපතිතුමාත් අපි සියලුදෙනාමත් අපි අවධානය යොමු කළයුතුයි.

මේ වගේ නිලධාරින් එක්ක රට අමාරු තත්ත්වයකට වැටිල ඉන්න අවස්ථාවක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලත් අවධානය යොමු කළයුතුයි. ගුවන්තොටු පොලේ දී අපි විදේශගත ශ්‍රමිකයින් එවන ලද මුල් ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. එහිදී වැඩියෙන් මුදල් එව්වා නම් වැඩියෙන් තීරු බදු සහන ලබාදෙන්නත් එහිදී තීරණය කළා. හැබැයි මේවා කැබිනට් එක අනුමත කරලා කැබිනට් එක් ගැසට් එකත් ගහල තියෙද්දිත් තවමත් රේගුවට මේ බදු සහනය ලබා දෙන්න බැරිවෙලා තියෙනවා.

කැබිනට් එක, ජනාධිපතිතුමා මේ සියල්ල තීරණය කරලා තියෙද්දිත් නිලධාරීන් තවමත් මේ සඳහා සහය ලබා දී නැහැ.”

තවදුරටත් අදහස් දක්වමින් නානායක්කාර මහතා පැවසුවේ,”අපි රටක් විදිහට තිබුනේ පුලුවන් එකා පුලු පුලුවන් හැටියට ජීවත් වෙන බැරි එකා බැරි බැරි ගාතේ හුස්ම ඉහල පහල දාන රටක් බවට අපි පත්වුනා. මේක හැමදාම තියෙන්න ඕනෙද? බැරි බැරි ගානේ හුස්මගන්න මනුස්සයාට බොරු කියලා දේශපාලනය කරන එකද නැත්තම් හරියට වැඩ කරන කෙනාට හූමිට තියෙන එකද කළ යුත්තේ. අපි කරන්න ඕනේ රටේ ඇත්ත තත්ත්වය පහදල දීලා තමන්ගේ වැඩ කරන එක පටන් ගෙන මේ වෙනස කරන එක පටන් ගැනීමයි කළයුත්තේ. මේ අයවැයෙනුත් අපි කළේ ඒ වෙනස කරන්න පටන් අරගෙන ඒ වෙනස ආරම්භ කරලා ඒ ගමනේ දෙවැන අයවැය තමයි අද සාකච්ඡාවට බදුන් කරන්නේ.” යනුවෙනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan