*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

තවත් ගෝඨාභය කෙනෙකුට යළි අවස්ථාවක් නැහැ.රට ගොඩගන්න පුළුවන් සමඟියට විතරයි!

කොළඹ LNW:රටේ ජනතාවගේ දුක්විදීම තුළින් බලය ලබාගැනීම විපක්ෂ නායකවරයාගේ හෝ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය නොවන අතර රටේ ජනතාවට යහපත්ව ජීවත්වීමට හැකි රටක් නිර්මාණය කිරීම තුළින් බලය ලබාගැනීම ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා පැවැසීය.

කැබිනට් ඇමැති ධූරයක් අවුරුදු 5 ක් නොදරපු පුද්ගලයෙකුට රටක් පාලනය කරන්න නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනතාව දැනගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී තවත් ගෝඨාභය කෙනෙක් බිහිකරන්න රටේ ජනතාව අනුමැතිය ලබානොදෙන බව ඔහු ප්‍රකාශ කරන ලදී.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

සමගි ජනබලවේගය සිදුකරන්නේ ජනතා ව්‍යාපාරයක් බවත් එය මුදල් උපයන ව්‍යාපාරයක් නොවන බවත් රට ගොඩගැනීමට හැකි වන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයට බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

‘‘රටේ වංචාව , දූෂණය නැති කරලා ඉදිරියේදී රටේ පාලනය ගෙන යන්නේ කොහොමද සහ රටේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය නිසියාකාරව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අවදානය යොමු කළ යුතුයි. 2024 දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හරියාකාරව සිදුවෙනවද 2024 රාජ්‍ය පාලනය තුළ වංචාවට හා දූෂණයට වැට බැඳීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවාද කියන කාරණය පිළිබඳ 2024 අයවැය ලේඛනයෙන් බලන්න ඕන.

විපක්ෂය සහයෝගය ලබාදීලා දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළා. නමුත් ආණ්ඩු පාර්ශ්වයෙන් පිරිස් මේ පනත සම්මත කරන්න වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. සම්ප්‍රදායික දේශිපාලනික ක්‍රමයෙන් බැහැර වෙලා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය මේ පනත සම්මත කර ගන්න සහය ලබාදුන්නා.

දූෂණ විරෝධී පනතේ සඳහන් වෙනවා මෙම පනත ක්‍රියාත්මක වන දිනයේ සිට මාස 18 ක කාලයක් තුළ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මෙම පනත ක්‍රියාත්මක කරන්න ඉදිරි අයවැයෙන් ලබාදීලා තිබෙන සහයෝගය කුමක්ද?

සියලු රජයේ සේවකයන් ඔවුන් සතු වත්කම් බැරකම් පිළිබඳව ප්‍රකාශයක් ලබාදිය යුතුයි කියලා දූෂණ විරෝධී පනතේ සඳහන් වෙනවා. මේ ප්‍රකාශය ලබාදීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් සඳහා විධාන සැලැස්විය යුතුයි කියලත් දූෂණ විරෝධී පනතේ සඳහන් වෙනවා. මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් සැකසීම සඳහා කිසිදු මුදලක් 2024 අයවැයෙන් වෙන් කරලා නෑ.

දූෂණ විරෝධී පනත සම්මත කර ගත්තත් මේ පනත ක්‍රියාත්මක කිරීමට අදාල යටිතල පහසුකම් සැලසීමට අයවැයෙන් සල්ලි වෙන් කරලා නෑ. දූෂණ විරෝධි පනත පුස්සක්ද? යහපාලන ආණ්ඩුව කාලයේ දුෂණ විරෝධය සඳහා මහා පරිමාන මූල්‍ය වංචා සඳහා එදිනෙදා නඩු අහන අධිකරණ 3 ක් හැදුවා. අද ඒවා වහලා දාලා.

රාජ්‍ය මූල්‍ය කළමාකරණය සඳහා 2023 අංක 3 දරණ වගකීම් පනතක් ඉදිරිපත් කළා. අයවැය ලේඛනය සකස් කිරීමේදී අයවැය පරතරය සියයට 5 ක් තුළ රඳවා ගත යුතු බව එම පනතේ සදහන් වෙනවා. අයවැය හිඟය සියයට 5 ක් තුළ රදවා ගැනීමට යහපාලන ආණ්ඩුව වැඩකටයුතු සිදුකළා. නමුත් 2021 දී අයවැය හිඟය සියයට 12.2 / 2022 අයවැය හිගය 10.2 / 2023 අයවැය හිගය 7.9 යි. 2024 අයවැය හිගය 9.1 ක පරතරයක් තිබෙනවා.

අයවැය පරතරය දෙස බැලුවාහම බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ගන්න බැරි වෙලා තිබෙනවා. ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රමාණයට මුදල් අයවැයෙන් වෙන් කරලා නෑ. අතිරේක අයවැය වාර්තාවලින් මේ ව්‍යාපෘති වලට මුදල් වෙන් කරන්න සිදුවෙනවා. 2024 අයවැය හිගය 9.1 ක අයවැය පරතරය ඉදිරියේදී තව වැඩි වෙන්න පුලුවන්.

දූෂණය සහ මුල්‍ය කළමානාකරණයට වෙනුවෙන් 2024 අයවැයෙන් උත්තර අරගෙන නෑ.

මූල්‍ය අර්බුදයට හේතුව කොවිඩ් කියලා ආණ්ඩුව කිව්වා. නමුත් රාජපක්ෂවරුන්ගේ පාලන කාලයේ ගත්ත වැරදි මූල්‍ය කළමනාකරණ තීන්දු සහ වංචාව දූෂණය නිසා රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවුණ බව ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තිබෙනවා.

රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 60 යි ණය වෙන්න පුලුවන්. නමුත් ඒක අයවැයෙන් සංශෝධනය කරලා ණය ප්‍රමාණය සියයට 80 දක්වා දික් කර ගන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදය 100 නම් 80 ක් ණය ගෙවන්න තිබෙනවා. රට හදන්න රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබෙන්නේ සියයට 20 යි. මිනිස්සුන්ට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ නෑ. ණය ගෙව ගෙවා තමයි ඉන්න වෙන්නේ. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති කඩලා තවත් මූල්‍ය අච්චාරුවක් බවට පත් කරන්න උත්සහ කිරීමක් මිසක් එයින් මිදීමට ගොඩ ඒමට ක්‍රමවේදයක් නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan