*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

මෙන්ඩිස් සමාගම ගැන ඇමති නලින්දගේ ප්‍රකාශය සහ කතාවේ අනෙක් පැත්ත …

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය සිකුරාදා (06) පාර්ලිමේන්තුවේදී මෙන්ඩිස් සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය.

“මේ රටේ ජනතාව මත්පැන් පානය කරනකොට ගෙවලා තියෙන මුදල – මේක මේ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයකරගන්නා බද්දක් නොවෙයි, ආදායම් බද්දක් නොවෙයි – ජනතාව මත්පැන් පරිභෝජනයේදී මේ වනවිටත් ගෙවලා තියෙන බද්දක් තියෙනවා, ඒ බද්ද නොගෙවා ඉන්න සමාගම් තියෙනවා. එක සමාගමක් තමයි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම. ඔබ දන්නවා මේ සමාගම අයිති අර්ජුන් ඇලෝෂියස්ට. මේගොල්ලොන්ට තියෙනවා සමාගම් තුනක්. එක සමාගමක් 2022 ට පෙර නොගෙවූ බදු තියෙනවා, එක සමාගමක් 2023 බදු ගෙවලා නැහැ, එක සමාගමක් 2024 බදු ගෙවලා නැහැ. මේ හිඟ බදු සහ අධිභාරය එක්ක මේ අය රුපියල් මිලියන 5800 කට ආසන්න ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේවා අය කරගන්න පසුගිය රජයන් කටයුතු කළේ නෑ. අපි මොකද කරලා තියෙන්නෙ, මේ වනවිට ඒ හිඟ බදු මුදල් නොගෙවීම හේතුවෙන් ඒ සමාගම්වල බලපත්‍ර අත්හිටුවලා තියෙන්නෙ. කිසිදු ආකාරයක ගනුදෙනු නෑ, සමාවක් නෑ, බලපත්‍ර අහෝසි කළා. පනතෙන් බලය තියෙන්නෙ බලපත්‍ර අත්හිටුවන්න විතරයි – ඇත්තටම පනතෙන් අපට බලය තිබුණා නම් එහෙම මේක දේපළ පවරාගෙන හරි අයකරගන්න, ඒ දේ සිද්ධ කරනවා. මොකද මේ රටේ ජනතාව මත්පැන් පානය කරනකොට ගෙවපු බද්දක් මොවුන් රජයට දීලා නෑ”

අමාත්‍යවරයා පැවසූ ආකාරයටම මේ වනවිට මෙන්ඩිස් සමාගමේ වැලිසර නිෂ්පාදනාගාරයට ද සීල් තබා ඇත. එහෙත් ඉහත කී මිලියන 5800 රජයට අය කරගන්නා අන්දමක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද නැත.

මේ අතර මෙන්ඩිස් සමාගමට සම්බන්ධ ප්‍රකාශකයකු අප වෙත පැවසුවේ මේ වනවිටත් එම සමාගමට රුපියල් මිලියන 1500ක පමණ මුදලක් වෙළඳපොලෙන් ලැබිය යුතුව ඇති බවයි. තම සමාගම විසින් මත්පැන් අලෙවිසැල්වලට මත්පැන් සැපයුම් කර ඇත්තේ මාස දෙකක ණය පදනමක් ද ලබාදෙමින් බව පැවසූ ඔහු ඒ අනුව ගතවූ මාස දෙකකදී සමාගම නිකුත් කළ මත්පැන් වෙනුවෙන් ලැබෙන්නට ඇති මුදල් ලබාගැනීම මේ වනවිට අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් පැවසීය. ඒ, සීල් තබන ලද සමාගමකට ගෙවන්නට ඇති මුදල් ගෙවීමට කිසිවකු උනන්දුවක් නොදක්වන බැවිනි.

මෙන්ඩිස් සමාගමට මෙසේ මුදල් නොගෙවා සිටින මත්පැන් බලපත්‍ර හිමියන් අතර සතොස වැනි රාජ්‍ය ආයතන පවා තිබෙන බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුවට බාර් එකෙන් බාර් එකට ගොස් මෙන්ඩිස් සමාගමේ මුදල් එකතු කිරීමට සිතාගෙන සිටිනවාදැයි යන්න ප්‍රශ්නයක් බවයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසූ ආකාරයටම ආණ්ඩුව මත්පැන් මත අතිවිශාල බද්දක් පනවා තිබේ. පාරිභෝගිකයා මත්පැන් මිලදී ගන්නා විට එම බද්ද ගෙවයි. ඒ අනුව සමාජයේ මතය නිර්මාණය වී ඇත්තේ ද මේ බදු මුදල කෙළින්ම මත්පැන් නිෂ්පාදන සමාගමට යන බවට ය. නමුත් එය මුලින් එකතු වන්නේ මත්පැන් අලෙවිසැල් හිමියන් ළඟ ය. එය මත්පැන් නිෂ්පාදන සමාගමට එන්නේ යම් කාලයක් ගතවීමෙන් පසුව ය. රජය මැදිහත් වී සමාගමක් වසා දමා සීල් තැබීමෙන් පසුව සිදුවන්නේ අරකී මුදල අලෙවිසැල් හිමියන් අතේම ගල් වීමය. මේ, පිළිතුරු සෙවිය යුතු එක් ප්‍රශ්නයකි.

අනෙක් ප්‍රශ්නය වන්නේ මෙන්ඩිස් සමාගමේ සේවය කළ සේවකයින් 300ක පමණ සංඛ්‍යාවකගේ පවුල්වලට ලබන මාසයේ සිට සිදුවන්නේ කුමක්ද යන්නයි.

මේ ප්‍රශ්න දෙකට උත්තර නොමැති නම් ආණ්ඩුව මෙන්ඩිස් සමාගම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය සැලකිය හැක්කේ “ලෙඩා මළත් බඩ සුද්දයි” පන්නයේ වැඩක් වශයෙන් පමණි ….

~ දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan